භාශ්වර සේනාංක ගුණරත්නගේ ඥාතියෙකු වන දැනට සංචාරක මණ්ඩලයේ සහකාර අධක්ෂකවරයෙකු ලෙස සේවය කරන සුරංග ලියනපතිරණ නැමැත්තා හරහා මෙම පැහැර ගැනීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.
මෙම සුරංග ලියන පතිරණ නැමැත්තා කැබිතිගොල්ලාව ප්‍රදේශයට යාම සඳහා සංචාරක මණ්ඩලයේ වාහනයක් ඉල්ලුම් කර තිබේ. (කැබිතිගොල්ලාවට හා මැදමුලනට තිබෙන දුර සමාන වේ). ඒ අවස්ථාවේ සංචාරක මණ්ඩලයේ සේවකයින් ඒ පිළිබඳ සැක සිතා වාහනය පරික්ෂා කර ඇති අතර එම වාහනය මගින් වංචාවට අදාළ ලිපිගොනු පැහැර ගැනීමට උත්සාහ දරන බව අනාවරණය වී ඇත.
ඉන්පසු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා සේවකයින් විසින්ම අදාළ ලිපිගොනුවලට සීල් තබා ඇත. ඉන් අනතුරුව සංචාරක අමාත්‍ය නවීන් දිසානායක හා නන්දන ගුණතිලක පැමිණ එම ලියකියවිලි රැගෙන ගොස් ඇතිබව වාර්තා වේ.