ඇමති ආරක්ෂාවෙන් හමුදාව හා අතිරේක වාහන ඉවතට

Published in පුවත්
Wednesday, 14 January 2015 13:33

නව රජයේ කිසිදු ඇමැතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබා නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (13) නියෝග කර ඇත.

ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවන ලෙසද අගමැතිවරයා උපදෙස් දී තිබේ. එයද ඇමැතිවරුන්ට සාමාන්‍යයෙන් දෙන ආරක්ෂාව අනුව දෙන ලෙසද දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේවෙතත් ඇමතිවරුන්ට කොයි ආකාරයෙන් ආරක්ෂාව ලබාදිය යුතුද යන්න පිළිබඳ තීරණය ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එම කමිටුව විසින් සාකච්ඡා කොට ලබාදිය යුතු ඇමැති ආරක්ෂකයන් සංඛ්‍යාව තීරණය කිරීමට නියමිතය.


එසේම ඇමැතිවරයාගේ රථයට අමතරව එක් පසුගමන් ආරක්ෂක රථයක් පමණක් භාවිතා කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස් දී තිබේ. ඇමැතිවරුන්ට පසු ගමන් රථ කිහිපයක් භාවිතා කිරීමද අගමැතිවරයා විසින් නවතා ඇත.


ඇමැතිවරුන් ගමන් කිරීමේදී මහජනතාවට හිරිහැරයක් කරදරයක් ඇති නොවන ආකාරයට ගමන් කළ යුතු බවත් ඇමැති ආරක්ෂක රථයද එලෙස කටයුතු කළ යුතු බවටත් ඔහු උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.


ඇමැතිවරුන්ට අමතරව නිලධාරීන්ට හා වෙනත් පුද්ගලයන්ට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ද පත් කරන ලද විශේෂ කමිටුව මගින් තීරණය කරන ලෙසටද උපදෙස් ලබා දී ඇත.

lakbima

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us