ඡන්ද ප්‍රතිඵල නවත්වන්න අගවිනිසුරු, ගෝඨා, ගම්මන්පිල කුමන්ත්‍රණ කළා (video)

Published in පුවත්
Wednesday, 14 January 2015 19:00

ඉකුත් 8 වැනිදා රාත්‍රී ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකාශය වද්දීත් අරලියගහ මන්දිරයේදී හිටපු විදේශ ඇමැති ජී එල් පීරිස් මහතාත් , පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ගම්මන්පිල මහතාත්, අගවිනිසුරු මොහාන් පීරිස් මහතාත්, ආරක්ෂක ලේකම්වරයාත් වරයාගේත් මූලිකත්වයෙන් තමන්ට අවාසිදායක තත්වයක් ප්‍රතිඵල වලින් පැහැදිලි වෙමින් තිබුණ බැවින් ඒ ප්‍රතිඵල නිකුත් විම වළක්වන්නට ප්‍රතිඵල නිකුත් වීම වලක්වන්නට කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සකස් කරමින් සිටින බව අනාවරණය වූ බව විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි.

එමෙන්ම එය දණ්ඩ නීති සංග්‍රහයේ 115 - 120 වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේතුවට පැමිණිළි කර විදිමත් පරීක්ෂණයක් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටි බව බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(14) අපරාධ විමර්ශණ දෙපාර්මේන්තුවට පැමිණිළි කර අනතුරුව මාධ්‍ය ඇමැතූ අවස්ථාවේදීය.


එපමණක් නොව හදිසි නීතිය එදින රාත්‍රියේම පණවා එම ගණන් කිරීමේ මධ්‍යස්ථාන හමුදාව ලවා වටලන්නට මෙන්ම මැතිවරණ කොමසාරිස් කාර්යාලයද හමුදාව ලවා වටලා ඉතාමත් භයානක තත්වයක් මේ රටේ නිර්මාණය කිරිමට සකච්ඡා කොට ඇතැයි විශ්වාස දායක ආරංචි ලැබි ඇතැයි ඔහු පෙන්වා දෙයි.

පොලිස්පති හමුදාපති නීතිපති තුමාගේ මැදිහත් වීම මත එය නැවැතී ඇතැයි විදෙස් අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවීරෝදී ක්‍රියාවක කිසිසේතම සහාය ලබා දිය නොහැකි බවය.

ආසියාවේ පැරැණිම ප්‍රචාතන්ත්‍රවාදී යැයි සළකන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණේ මොවුන්ගේ එඩිතර කම නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Last modified on Wednesday, 14 January 2015 19:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us