subash

subash

නව ජන්ද ක්‍රමය මගින් කුඩා පක්‍ෂවලට පාර්ලිමේන්තුවට, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනවලට පත් වීමට ඇති අවස්‌ථාව අහිමි වීමේ සැකයක්‌ පවතින නිසා හදිසියේ ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීමට විරුද්ධ වීමට සුළු පක්‍ෂ රැසක්‌ එක්‌ව තීරණය කර ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳවත් රට පුරා ජනහමු පැවැත් වීමටද තීරණය වී ඇත.

හිටපු ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනා හට ලබන අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

පෞද්ගලික අංශයේ බැංකු ‍‍ක්ෂේත්‍රයේ හා කොටස් වෙළෙඳ පොළේ තිබෙන අක්‍රමිකතා ඉවත් කිරීමට තමන් කැප වී සිටින බවත් මේ මහජනතාවගේ යුගයේ තමන් ඇහුම්කන් දෙන්නේ මහජනතාවට මිස මහරාජාලාට ‍නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේදී ඊයේ (17)ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසීය.

විදේශ විනිමය ප්‍රේෂණ කටයුතුවලදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නොමැති බව නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා අද (17)කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

එක්සත් ලංකා බහලූම් හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති උදේනි කලූතන්ත‍්‍රී ප‍්‍රකාශ කළේය.

ඉතිහාසයේ පළමු වතාවට ස්විටිසර්ලන්ත විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණීම අද සිදුවිය. ස්විස්ටර්ලන්ත ව්‍යාපාරික ආයෝජන අවස්ථා සොයා බැලීම හා දෙරට අතර ආර්ථික සහයෝගිතාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ස්විස් විදේශ ඇමැතිවරයා පැමිණි අතර මේ ඔහුගේ ආසියානු කලාපයේ සංචාරය අතර තුරදී සිදු විය.

මහලු විය කියන්නෙ අභියෝග වලට අකමැති තමන්ගෙ වැඩක්වත් තනිව කර ගත නොහැකි අවදියක් ලෙස තමයි අපි හැමෝම හිතන්නෙ. ඒත් ජෝර්ජිනා ආච්චි අම්ම කරන ත්‍රාසජනක වැඩ දැක්කමනම් එහෙම හිතෙන එකක් නෑ.

පතල් කර්මාන්තයේ නියැලෙමින් සිටියදී ජීවිත හානි සිදුවූ කම්කරුවන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව දැනුවක් කිරීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර ඇත.

ලොව පළමුවරට නිවර්තන කලාපීය වනාන්තරයකින් සොයාගැනුණු මානව ෆොසිලයක් ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාවේ බටෙදාඹලෙන ගල්ගුහාවෙන් සොයාගන්නා ලද මිනිස් ‘දත’ වසර 20,000ක් පැරැණි බවට එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ.

විශ්වයේ සිටින බවට සැක කෙරෙන පිටසක්වළ ජීවීන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා නාසා ආයතනය ලොව පුරා ඉපැරණි ඉතිහාසයක් සහිත භාෂා 55ක ශබ්ද විශ්වයටමුදා හැර ඇත.

Connet With Us