subash
ගෝඨා තුට්ටු දෙකට විකුණන්න ගිය මිල්කෝ ඉඩම බේරාගනී(audio)
මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය.
අ.අ.අ.අ. දොස්තරට ක්‍රීඩා වෛද්‍ය ආයතනය භාරදීම ගැන විරෝධයක්
පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ඉදිරි මනාප අංකයක් ලබා ගැනීම සඳහා නම් වෙනස් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු කොළඹ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අ.අ.අ.අ.ශිවංක විජේගුණවර්ධන මහතාට ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මුල් පුටුව පිරිනැමීමට ගත් තීරණය නිසා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ රාජකාරියේ නියුතු සියලු දෙනාම සේවයෙන් බැහැර ව, වර්ජනයක නියැළෙන්නට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි. විජේගුණවර්ධන මහතා සාමාන්‍ය වෛද්‍යවරයෙකි.
ලෝකය විවිධ පුදුම නිර්මාණයන්ගෙන් පිරී පවතිනවා. සමහර නිර්මාණ මිනිස් අතින් නිර්මාණය වූ දේවල්. ඒත් සමහර දේවල් නිර්මාණය කරලා තිබෙන්නෙ ස්වභාව ධර්මය.
පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ඊයේ(19) මෙරටට රැගෙන ආ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඞ් සිද්දික්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කරමින් සිටී. මොහොමඞ් සිද්ධික් විසින් සිදුකරන ලද ජාවාරම් පිළිබද තවදුරටත් සොයා බැලීම එහි ප‍්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (20) නොතීසි නිකුත් කෙරුණි.
ප්‍රෙස්බිටීරියන් පල්ලියෙන් සමලිංගික විවාහයන්ට අනුමැතිය
ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් පල්ලිය සම ලිංගික විවාහ අනුමත කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් භක්තිකයන් බහුතරයක් නියෝජනය කරන්නේ මෙම පල්ලියයි.
අද දේශපාලන දර්ශනය ගැන උනන්දුවක් දක්වන අය ජිජැක් කියවීම අනිවාර්ය යි - වංගීස සුමනසේකර
පසුගිය 17 වන දින (2015-මාර්තු) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ දී උදිත අලහකෝන් විසින් පරිවර්තනය කරන ලද ‘‘ඇමරිකානු මුසල්මානුවා’’ සහ ‘‘ස්ලැවෝයි ජිජැක් - රූපමය නියමුවක්’’ යන කෘති ද්වය ජනගත කෙරිණ.
කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට සමාව දෙන්න පුළුවන්ද ? - ජනපති
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නියම කර තිබෙන සිරදඬුවම ලිහිල් කර ඇයට සමාව දිය හැකි ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
රට පැන්න ගෝඨාගේ ලේකම්වරියව වහා කැඳවනු ! ගාල්ල මහෙස්‌ත්‍රාත්
රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශ හිටපු ලේකම්වරයාගේ අත් අකුරු පරීක්‍ෂාව සඳහා ඔහුගේ අත්සන සහිත ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ගාල්ල මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (19 දා) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළාය. මහෙස්‌ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
රාජිත සේනාරත්න මහතාගේ බාල පුත්‍රයා විසින් දැරියක පැහැරගෙන ඇති බව කියමින් විපක්ෂයේ ඇතැමුන් ගෙන යන ප්‍රචාරවල සත්‍යයක් නැති බවත් තමන්ට හා පුතාට චෝදනා කරන වුන් දවසට එකා ගනනේ ගැහැනුන් පාවිච්චි කරන මුත් තම පුත්‍රයා ආදරය කරන්නේ එක ගැහැනු ළමයකුට පමණක් බවත් ඔහු පවසයි.
