අ.අ.අ.අ. දොස්තරට ක්‍රීඩා වෛද්‍ය ආයතනය භාරදීම ගැන විරෝධයක්

Published in පුවත්
Friday, 20 March 2015 12:56

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ඉදිරි මනාප අංකයක් ලබා ගැනීම සඳහා නම් වෙනස් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු කොළඹ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අ.අ.අ.අ.ශිවංක විජේගුණවර්ධන මහතාට ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මුල් පුටුව පිරිනැමීමට ගත් තීරණය නිසා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ රාජකාරියේ නියුතු සියලු දෙනාම සේවයෙන් බැහැර ව, වර්ජනයක නියැළෙන්නට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි. විජේගුණවර්ධන මහතා සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයකුට පමණක් මෙම තනතුර පිරිනැමිය යුතු වුව ද මේ දක්වා කළ පත් කිරීම්වලදී ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු කළ බවක් පෙනෙන්නට නැත. මේ දක්වා පත්කරන ලද සියලු ප්‍රධානීන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය විද්‍යාවට අයත් කුමන හෝ විෂයකින් හෝ විශේෂඥයන් වූහ.

තත්ත්වය එසේ තිබියදී, සහ දැනට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරීන් සේවය කරද්දී සාමාන්‍ය වෛද්‍යවරයකු මෙම තනතුරට පත් කිරීම මෙම විරෝධතාවට බලපාන ප්‍රධාන සාධක වී ඇත.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us