ප්‍රෙස්බිටීරියන් පල්ලියෙන් සමලිංගික විවාහයන්ට අනුමැතිය

Published in විදෙස්
Friday, 20 March 2015 11:01

ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් පල්ලිය සම ලිංගික විවාහ අනුමත කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් භක්තිකයන් බහුතරයක් නියෝජනය කරන්නේ මෙම පල්ලියයි.

2013 අවසන් වන විට ඇමෙරිකාවේ සිටි ප්‍රෙස්බිටීරියන් භක්තිකයන් සංඛ්‍යාව මිලියන 1.76 ක් බව වාර්තා වේ. පල්ලියට අයත් ප්‍රාදේශීය පාලන තන්ත්‍ර 171 විසින් මෙම වෙනස අනුමත කර තිබේ. මෙවැනි තීරණයකට එළඹීමට ප්‍රාදේශිය පාලන තන්ත්‍ර අඩකට වැඩි සංඛ්‍යාවක අනුමැතිය අවශ්‍ය විය. අවසන් තීරණයට එළඹ ඇත්තේ එම පදනම මතයි.

ප්‍රෙස්බිටිරියන් පල්ලියේ සංශෝධිත ව්‍යවස්ථාව අනුව දැන් සම ලිංගික විවාහ අනුමත කර ඇත. මෙම තීරණය හේතුවෙන් ඇතැම් අය උද්දාමයට පත්වි සිටින අතර තවත් සෑහෙන පිරිසක් කනස්සල්ලට පත්වි ඇතැයි වාර්තා වේ.

ප්‍රෙස්බිටිරියන් පල්ලිය එළඹි මෙම තීරණය රෝමානු කතොලික පල්ලියේ ස්ථාවරයට සපුරා පටහැනි එකකි. ඇමෙරිකාවේ ක්‍රිස්තියන් භක්තිකයන් අතුරින් බහුතරය රෝමානු කතෝලිකයන්ය. ඉවැන්ජලිස්ට් මූලධර්මවාදීන්ද ප්‍රෙස්බිටිරියන් පල්ලියේ ස්ථාවරයට විරුද්ධ බව සඳහන්. නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ ජූනි 21 දින සිටයි.

 

(dinamina)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us