subash
හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.
නුතන සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන්යූ අභාවප්‍රාප්ත වී තිබේ . ඔහු සති ගණනාවක් නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් රෝහල් ගතව සිටි අතර මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.
මම මුස්‌ලිම් නොවෙයි ඇත්තටම මට ආගමක් නැහැ. මම අදේවවාදීයෑයි ප්‍රකට බංගලාදේශ ලේඛිකා තස්‌ලිම් නස්‌රීන් ප්‍රකාශ කර ඇත.
ක්‍රීඩා සංගම් මාෆියාවට එරෙහිව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් ක්‍රීඩා පනත ප්‍රකාරව ගෙන ආ වසර හතරක් ඉහළ තනතුරු දැරූවන්ට නැවත ක්‍රීඩා සංගම් වල තනතුරු සඳහා ඉදිරිපත් විය නොහැකි බවට වන නීතිය නිසා අසරණ වී සිටින ශ්‍රි ලංකා වුෂූ සංගමයේ සභාපතිවරයා වන මානෙල් ධර්මකිර්ති අධ්‍යක්ෂධුරයක් හොබවන සිලොන් ටුඩේ හා මව්බිම පුවත්පත මඟින් ඇමැතිවරයාව විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.
ශ්‍රීලංකාවේ සීග්‍රයෙන් පැතිර යමින් තිබෙන වකුගඩු රෝගයට හේතු වී තිබෙන කෘෂි රසායාන වර්ග 5ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය මෙම සතියේදී නිකුත් කෙරෙන බව ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අනෙකුත් වාමාංශික පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එක්ව අතුරුදහන්වුවන් පිලිබඳ හෙළිදරව් කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දේශපාලන ඝාතන අනාවරණය කිරීම, මර්දනය හේතුවෙන් රටෙන් පිට වීමට සිදුවූ අයගේ අයිතීන් ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කිරීම යන සටන් පාඨ මුලික කරගත් උද්ඝෝෂණ රැළියක් පැවැත්වීමට තීරණය කර තිබේ.
යුද්ධය නිම කිරීමට දායක වූ හිටපු ගුවන් හමුදාපතිට මෙන්ම හිටපු නාවික හමුදාපතිටත් රජය උපරිම අන්දමින් සැලකිලිමත් වී ඔවුන්ට උසස් තනතුරු ලබාදීමට ක්‍රියාකරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පත්කර සිටී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා රාජ්‍ය කළමනාකාරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යනාදි රජයේ ආයතන ගණනාවක ශ්‍රී ලංකා පරිපාලන විශේෂ සේවයේ නිලධාරියකු ලෙස රුවන්චන්ද්‍ර මහතා කටයුතු කර තිබේ.
ක්‍රීඩා නිලවරණ මැයි 15ට දීර්ඝ වෙයි, වසර හතරේ නීතියේ වෙනසක් නෑ
ක්‍රීඩා සංගම් නව නිලධාරීන් පත් කිරීමේ නිලවරණ කාලය මැයි 15වැනිදා දක්වා දීර්ඝ කරයි. එයට අදාළ ගැසට් පත්‍රය අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද, ඡන්ද ඉල්ලන්න ඕනෙ නම් හන්දි ගානෙ කෑ නොගහා ඉල්ලුම් පත්‍රයක් එවන්න.
තමන්ව අගමැති අපෙක්ෂකයා කරන ලෙස තැන තැන අනාත කණ්ඩායම් මෙහෙයවමින් කෑකෝ ගැසන්නේ නැතිව ඒ වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් එවා නිසි ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීම අවස්ථාව හිටපු ජනපතිවරයාට ලැබී තිබේ.
