ලී ක්වාන්යූ මියයයි

Published in විදෙස්
Monday, 23 March 2015 11:36

නුතන සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන්යූ අභාවප්‍රාප්ත වී තිබේ . ඔහු සති ගණනාවක් නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් රෝහල් ගතව සිටි අතර  මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

 ලී ක්වාන්යූ ගේ අවසන් කටයුතු එලැඹෙන 29 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඔහුගේ අභාවය හේතුවෙන් සිංගප්පූරුව තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

1923 වසරේ සිංගප්පූරුවේදී උපත ලද ලී ක්වාන්යූගේ සම්පූර්ණ නම හැරී ලී ක්වාන්යූ වේ .ඔහු එරට ජනතා ක්‍රියාකාරී පක්ෂයේ පළමු මහලේකම්වරයා සහ සම නිර්මාතෘවරයාද ලෙසද කටයුතු කර තිබේ. සිංගප්පුරුව බ්‍රිතාන්‍යයන්ගෙන් සහ මැලේසියානු ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.

මේ අනුව ඔහුගේ නායකත්වයෙන් ජනතා ක්‍රියාකාරී පක්ෂය 1959 වසරේ සිට අඛණ්ඩව අට වතාවක් 1990 වසර දක්වා සිංගප්පූරුවේ පාලන බලය ලබාගැනීමට සමත්විය. සිංගප්පුරුවේ වර්තමාන අගමැතිවරයා ලෙස ලී ක්වාන්යූගේ පුත්  ලී හ්සයින් ලූන් කටයුතු කරයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us