subash

subash

පිෂ්ට ධාතු ශරීරයට අවශෝෂණය වීම අවම වන සේ බත් පිස ගත හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් සමත්ව තිබේ.

තාවකාලිකව අත්හිටුවනු ලැබූ ෆුල් ෆේස් හෙල්මට් තහනම එළැඹෙන අප්‍රේල් 02දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

මහින්ද රාජපක්ෂව අගමැති කරවීමේ ව්‍යාජ ව්‍යාපාරය විසින් සංවිධානය කරන රත්නපුරයේ හෙට පැවැත්වෙන ‍රැළිය සඳහා ශ්‍රි ලනීප මන්ත්‍රීන් 300 ක දසලක්ෂයක ජනතාවක් සහභාගි කරවන බව බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එම සංවිධායකයන් පවසයි.

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඩිම්බ කෝෂ පිළිකාවක් වර්ධනය වීමේ අවදානමක් හේතුවෙන් සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී ඉකුත් සතියේ සැත්කමකට භාජනය වී ඇත.

ජර්මන් ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ දී අනතුරට ලක්ව තිබේ.

ඉදිරි දින කිහිපය තුළ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතනවල කාලසීමාව තවත් වසරකින් කල් දමන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ දී පත් කළ හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් සහ රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 55ක් ලෙස ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව ජනාධිපතිවරණයට පෙර එකඟතාවකට පැමිණ තිබුණ ද මේ වනවිටත් එතරම් සංඛ්‍යාවකට පත්වීම් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය රජය සමයේ දැන්වීම් පළ කිරීම වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතන සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත අය විය යුතු රුපියල් බිලියනයක හිඟ මුදලක් වහාම ගෙවීමට පියවර ගන්නැයි එකී දැන්වීම් පළ කළ ආයතන වෙත දැනුම් දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිවු දින නිල සංචාරයක් සඳහා (25)චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Connet With Us