subash

subash

ඇමරිකානු ගායිකාවක් සහ නිළියක්ද වන ජෙනිෆර් ලෝපේස් විලාසිතා වලදී කවදත් සුවිශේෂීත්වයක් දක්වනවා. නමුත් ඇය පසුගියදා ඇමරිකන් අයිඩල් වේදිකාවේ ගායනයක් සඳහා හැඳ සිටි ඇඳුම ඒ කවරකටත් වඩා සුවිශේෂියි.

ඉන්දීය නාවික යාත්‍රා 4ක් පුහුණුවීම් කටයුත්තක් සඳහා අද ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන 'නෙළුම් යාය' බ්ලොග් සම්මාන ඊයේ (26) ජනමාධ්‍ය වර්ධන මධ්‍යස්ථාන' ශාලාවේදී පැවැත්විණි.

කිලිනොච්චි, මහා දේව ළමා නිවාසයේ රැඳවුම් භාරයේ සිටි බාලචන්ද්‍රන් ජෙය කුමාරිගේ දැරිය වන බාලචන්ද්‍රන් විභූෂිකා වහා නිදහස් කරන ලෙස කිලිනොච්චි මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

උඩුදුම්මර,කරලියද්ද ගම්මානය කියන්නෙ සුන්දර වෙල් යායවල් කඳු යායවල් වලින් වට වූ ඉතා සුන්දර තැනක්. මේ ගම්මානයේ බොහෝ පිරිසක් ගොවිතැනින් ජීවිත සරිකරගන්නා ගැමියන්. ඒවගේම ගමේ පිහිටි පාසැල වන චූලාභය ද්වීතික පාසලේ ඉගෙන ගන්නා බොහෝ දරුවන් ඉතා අඟහිඟකම් මැද දිවි ගෙවන ගැමි දරුවන්. ඔවුන් අකුරු කරන්නෙ පාසල තුල අවම පහසුකම් හෝ නොමැතිවයි.

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දූ වූ නිදහස් අන්තර්ජාල සේවා සැපයුම් කලාප (free wi fi zone) පිහි‍ටු වීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අදියර කොළඹ දුම්රියපොළ පරිශ්‍රයේදී ලබන සඳුදා විවෘත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවද තමාට දැනගන්නට ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රිවරු මේ වන විට දේශපාලන පෙරළියකට සූදානම් වී සිටිති. එය ඔවුන් හතරවැනි තට්ටුව නමින් නම්කර තිබේ. පසුගියදා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට හිමිකම් කියූ ශාන්ත බණ්ඩාර මහතා මෙම තරුණ සංවිධානයේ සභාපති ධුරය හොබවන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉකුත් අඟහරුවාදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටි සහිත ප්‍රදේශයට කඩ වැටුණු ‘ජර්මන්වින්ග්ස්’ගුවන් සමාගමට අයත් යානය එහි සහායක නියමුවා විසින් සිතාමතාම යානය කඳුවැටියට යොමු කර ඇති බව ප්‍රංශ නීති නිලධාරීහු පවසා තිබේ.

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේය.ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යැයි කියන වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහාය.

සැබැවින් ම අද ආශ්චර්යමත් දිනයකි. ඒ මා සතුව පැවති හඬ පටිගතකරන යන්ත්‍රය වෙනුවට නව මාදිලියේ නවතම හඬ පටිගතකරන යන්ත්‍රයක් මා වෙත ලැබීම නිසා පමණක් ම නොවෙමි. ‘‘ආශ්චර්ය’’ නමැති වදන ද අවභාවිතාවේ යොදවමින් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ සහ සිදු කළ විපරීතකරණයට සාපේක්ෂව ගත් කල අද මට ආශ්චර්යමත් දිනයකි. එය හුදෙක් මට පුද්ගලිකව අත්වු වාසියක් නිසා නොව අප කිසිවකු සිහිනෙන්වත් නොපැතූ යමක් සිදුවීම නිසාවෙනි. එනම් කිසිවකු නොසලකා සිටි පිරිසක්, නිකම්ම නිකම් පිරිසක් නොව නිර්මාණකරුවන් පිරිසක් සම්මානයට පාත්‍ර වීම හේතුවෙනි.

Connet With Us