අද සිට ලබන 29 වන දින දක්වා අදාළ නවුකා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව පුහුණු වීම් කටයුතු සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.
ටී.අයි.ආර්., කේසරී, සුදර්ශනී සහ ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකාවක් වන වරුණ යන නෞකා මෙලෙස දිවයිනට පැමිණෙයි.
ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පුහුණු කටයුත්තක් ලෙස මෙය පැවැත්වේ. මෙය මෙම වසරේ පැවැත්වෙන පළමු නෞකා පුහුණු සැසියද වේ.