සිය වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා පසුගිය මාර්තු මස 09 වැනිදා පළමු වරට හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම වෙත පැමිණියා.
මීට පෙර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණියේ පෙබරවාරි මස 23 වැනිදායි. ඒ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී. එච්. බුද්ධදාස කරන ලද පැමිණිල්ලකට අනුවය.