ත්රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් භාරයෙන් නිදහස් වී පැමිණි බාලචන්ද්‍රන් ජෙය කුමාරි විසින් තම දරුවා ළමා නිවාස භාරයෙන් නිදහස් කරන ලෙස කිලිනොච්චිය අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබූ බව කිලිනොච්චිය පොලීිසිය පැවසුවේය. එය විභාගයට ගනිමින් කිලිනොච්චි මහේස්ත‍්‍රාත් එම්.අයි සහබ්දීන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත පන පෙවීමට උත්සහ කළ ගෝබි නැමැත්තාට රැකවරණය ලබා දීමේ චෝදනාව මත බාලචන්ද්‍රන් ජෙය කුමාරි පසුගිය වසරේදී කිලිනොච්චි ධර්මපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඇගේ දැරියද පරිවාස හා ළමා රක්ෂක අධිකාරිය විසින් අධිකරණ නියෝගයකට අනූව කිලිනොච්චි මහා දේව ළමා නිවාසය වෙත භාර දීමටයි පියවර ගනු ලැබුවේය.
සබැදි පුවත්

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														