විබූසිකා දැරියටත් ත්‍රස්ත අපරාධ චෝදනාවක්

Published in පුවත්
Saturday, 21 March 2015 15:27

බාලේන්ද්‍රන් විබූසිකාට එරෙහිව ත්‍රස්ත අපරාධ චෝදනාවක් සටහන් කර ඇතයි පවසා ළමා නිවාසයේ සිටින විබූසිකාව නිදහස් කර ඇයගේ මව ජෙයකුමාරි වෙත යවන්නැයි කළ ඉල්ලීම කිලිනොච්චිය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෑතකදී ඇප මත නිදහස් කරන ලද බාලේන්ද්‍රන් ජෙයකුමාරි කිලිනොච්චිය මහාදේව ළමා නිවාසයේ සිටින සිය දියණියව තමන් වෙත භාර දෙන්නයි ඉල්ලා අධිකරණයදී පෙත්සමක් ගොනු කර තිබුණි.

අදාල නඩුව විභාගයට ගෙන තිබූ අතර, ජෙයකුමාරි වෙනුවෙන් නීතීඥ එස්. විජයරානි, ම. කිරේසියන්, එන්. සුන්දර් සර්මා, එච්. රයිකාන්, එස්. දුස්යන්ති යන පිරිස අධිකරණයේ පෙනී සිටියෝය. එහිදී විබූසිකාව ළමා නිවාසයෙන් නිදහස් කර ඇයගේ මව වෙත භාරදෙන්නයි නීතීඥවරුන් ඉල්ලා සිටියෝය.


දැරියව මවට භාරදිය හැක්කේ ඔවුන්ව නිදහස් කර ඇතයි ත්‍රස්ත මර්දන ඒකකය විසින් විසින් ලිඛිතව දැනුම් දුන්නේ නම් පමණක් බවත් එතෙක් දැරියව ළමා නිවාසයෙන් නිදහස් කිරීමට නොහැකි බවත් අධිකරණ විනිසුරු පවසා තිබේ.

හමුදා අත් අඩංගුවට ගත් සිය පුත්‍රයා නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ ජෙයකුමාරිව පසුගිය රාජපක්ෂ පාලන සමයේදී පොලීසිය වෙත වෙඩි තැබීමක් සිදු කළැයි පැවැසෙන ගෝපි නැමැති එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයාට (ඔහු හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බවද ඇතැම් වාර්තා වලින් කියැවිණි.) රැකවරණය ලබා දුන්නයි පවසා ත්‍රස්ත මර්දන අංශය විසින් අත් අඩංගුවට ගත්තේය. වසරකට පසු පසුගිය 10වැනිදා ඇප මත නිදහස් කර ඇත.

ඇයගේ දියණිය වන විබූසිකා පසුගිය වසරක කාලයක් කිලිනොච්චිය පිහිටි මහාදේවා ළමා නිවාසයේ රඳවා තබා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us