බැසිල් ළගදීම පොළීසියට

Published in පුවත්
Friday, 27 March 2015 10:11

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේය.ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යැයි කියන වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහාය.

ඒ අනුව දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යැයි කියන වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබාදෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. තමා දින කිහිපයකින් මෙරටට පැමිණෙන බව නීතිඥයකු මාර්ගයෙන් දන්වා ඇති බව වාර්තාවේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව ඊට අදාළ නියෝගය සඳහන් ලේඛන ඒ මහතාගේ ගම්පහ, ඔරුතොට පිහිටි කාර්යාලයට භාරදී ඇති බව වාර්තා වේ.

ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා, පොලිස්පති, නීතිපති සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දන්වා ඇත්තේ, රාජපක්ෂ මහතා ළඟදීම දිවයිනට පැමිණ පරීක්ෂණවලට සහාය ලබාදෙන බවයි.

සබැදි පුවත්
බැසිල් ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Last modified on Saturday, 28 March 2015 13:29

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us