චීනයෙන් අපට අංග සම්පූර්ණ වකුගඩු රෝහලක්

Published in පුවත්
Friday, 27 March 2015 08:46

චීන ශ්‍රී ලංකා අතීත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, චීනය සහ ශ්‍රී ලංකාව අතර අංග සම්පුර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට අවශ්‍ය ආධාර ලබා දිම ඇතුළු සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජීය සහ ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම් හතරකට ඊයේ (26) අස්සන් තැබුණි.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින්පින් මහත්වරු අතර චීන මහජන ශා‍ලාවේ දී ඊයේ උදෑසන පැවැති හමුවෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයන් ඉදිරියේදී අදාළ ගිවිසුම්වලට අස්සන් තැබුණි .

අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ලබා දීමත් ‍වකුගඩු රෝගය පරීක්ෂා කිරීමේ නවීන යන්ත්‍රෝපාංගවලින්වලින් සමන්විත රසායනාගාරයක් ලබා දීමත් නවීන එම්. ආර්. අයි . ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට මේ අනුව එකඟතාවය පැමිණියේය .

චීන වාණිජ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟාසිටවීමට විශේෂ ආධාර ලබා දිමේ ගිවිසුමකට අස්සන් තැබුණි . චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රි ලංකා නාගරික සංවර්ධනය හා ජලප්‍රවාහන අමාත්‍යාංශය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ඉදිරියේදී වකුගඩු රෝගය පැතිරීම පිළිබඳ විශේෂ පරීක්ෂණ පැවැත්වීමටත් භූගත ජලය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහාය ලබාදීමට එකඟතාව පළ කෙරුණි.

චින වාණිජ අමාත්‍යාංශය හා ශ්‍රි ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය අතරද අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබුණු අතර ශ්‍රි ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කීරීම පිළිබඳ සක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමටද නියමිතය.

තරුණ විද්‍යාඥයන් 2000 කට තාක්ෂණික විද්‍යා පුහුණූව චීනයේදී ලබා දීමටත් ශ්‍රී ලංකාවට ජීව වෛද්‍ය තාක්ෂණාගා‍රයක් ලබාදීමටත් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පරිපාලන හා කළමනාකරණ පුහුණූව ලබාදීමටත් අදාළ ගිවිසුමටද මෙහිදී අස්සන් තැබිණි .

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us