subash
යුක්රේනයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා අවි ආයුධ සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉහළම මට්ටමේ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි. මේ චෝදනාව ඉතා බරපතළ සිද්ධියක් වන අතර විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා චීන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි විගස අදාළ කමිටුව නම් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
පැරදුන මහින්දට වැඩි ආරක්ෂාවක් දීම හෙළා දකිනවා - අසාද් සාලි
විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුට වඩා පැරදී ගිය කෙනාට වැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් ලබාදිය යුතු ප්‍රමාණයටත් වඩා ලබා දීමට කටයුතු කිරීමත් හෙලා දැකිය යුතු බව පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
සැතපුම් 12400 පුරා විහිදෙන ලෝකේ දිගම අධිවේගී මාර්ගය
මුළු ලෝකයම ආවරණය වන පරිදි ලෝකයේ දිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කොට තිබේ. මෙම මාර්ගය සැතපුම් 12400 ක දිගින් යුක්ත වේ.
ඉතාලියේ නේපල්ස්හි ස්කැමියා ප‍්‍රදේශයේ සංචාරයක නියැලූණු පාප්තුමන්ට සතුට ඉහවහා ගිය කන්‍යා සොයුරියන් පිරිසකට මැදි වීමෙන් දැඩි අපහසුතාවකට ලක් වීමට සිදුවී තිබේ.
වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝම පාඨමාලාව හැදෑරුවන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ " Colombo Media Night "පසුගියදා කොළඹ සිංහ සමාජ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් - රනිල්
මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිව්දින රාජ්‍ය චාරිකාව අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට ස්වල්ප මොහොතකට පෙර චීනය බලා පිටත්වූ බව වාර්තාවේ.
මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක බද්දක් අයකිරීම සඳහා නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබේ.
පැහැර ගැනීමට ලක්වූ බව කියන ලලිත් සහ කුහන් සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නැවතත් සිතාසි යොමු කර තිබේ.
