රඹුක්වැල්ලටයි හඳුන්නෙත්තිටයි අායෙත් සිතාසී!

Published in පුවත්
Wednesday, 25 March 2015 14:12

පැහැර ගැනීමට ලක්වූ බව කියන ලලිත් සහ කුහන් සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නැවතත් සිතාසි යොමු කර තිබේ.

අදාළ නඩුව අද(25) කැඳවු අවස්ථාවේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ නඩුව පසුගිය දෙසැම්බර් මස 10 වන දින කැඳවා තිබු අතර එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වු අතර අද දිනට යළි නඩුව කල් දමා අදාළ පුද්ගලයින් දෙදෙනාට සිතාසි නිකුත් කරන ලදී.

යළි අදාළ නඩුව අද දිනයේ කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අධිකරණය හමුවේ පෙනී නොසිට ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් යළිත් ඒම නඩුව ජුලි මස 30 වන දිනට කල්දමා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට නැවතත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යාපනයේදී පැහැරගැනීමට ලක්වු බව වාර්තා විය.

මේ අතර ලලිත් - කුහන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා යාපනයේ මධ්‍යම බස් නැවතුම්පොළ පරීශ්‍රවයේදී පෙරටුගාමී පක්ෂය විසින් අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් අද දියත් කර තිබුණි.

අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us