ඒ මත්පැන් සහ බීර නිෂ්පාදන සමාගම් 4ක් ගොනුකළ පෙත්සමක් අද (25) විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙලෙස රුපියල් මිලියන 200 ක බද්දක් අය කළ යුතු බවට පසුගියදා රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් යෝජනා කෙරුණි.
අදාළ තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බව පවසමින් මත්පැන් නිෂ්පාදන ආයතන 4 ක් විසින් මෙම පෙත්සම ගොනුකරන ලදී. ඊට අදාළව විරෝධතා ඇත්නම්, අපේ‍්‍රල් 30 වනදා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට මෙහිදී නියෝග කෙරුණි.