‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් - රනිල්

Published in පුවත්
Wednesday, 25 March 2015 14:58

මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්‍රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.


එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

adaderana

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us