උදයංගගේ අවි ජාවරම් මහින්ද දැනගෙන ඉඳලා

Published in පුවත්
Thursday, 26 March 2015 07:22

යුක්රේනයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා අවි ආයුධ සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉහළම මට්ටමේ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි. මේ චෝදනාව ඉතා බරපතළ සිද්ධියක් වන අතර විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා චීන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි විගස අදාළ කමිටුව නම් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම අවි ජාවාරම සම්බන්ධව විදේශ කටයුතු ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙන අතර අදාළ ජාවාරම සිදුකර තිබෙන ආකාරය, අවි වර්ග, ලබාගත් ත්‍රස්තවාදීන්ගේ නම් සහ කාල වකවානුව ආදී තොරතුරු ද මේ සමඟ ඉදිරිපත්කර තිබෙන බව ඒ මහතා කියා සිටී.එමෙන්ම මෙම චෝදනාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද එසමයෙහි කර තිබු නමුදු ඒ ගැන පරීක්ෂණ යටපත් කිරීමට කටයුතු කර ඇති බව හෙළිව තිබෙන බවද ඔහු සඳහන් කළේය

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙවැනි ක්‍රියාවක් සිදුකිරීම බරපතළ තත්ත්වයක් බවත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ උදයංග වීරතුංග මහතා තානාපති ධූරයෙන් පහ කළද මේ දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා‍ කොට නොමැති බවත්ය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට දේශපාලන පත්වීමක් ලද අයකු වසර අටක කාලයක් එකම රටේ තානාපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ උදයංග වීරතුංග මහතා බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා ඒ අනුව ඒ මහතා විශේෂ පුද්ගලයකු බවද අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඉන්දියාවට ගොස් පරීක්ෂණයක් සිදුකරන බවට මීට පෙර ප්‍රකාශ කළද එවැන්නක් සිදු නොවූ බවද සඳහන් කළේය.

මේ අවස්ථාවට සහභාගි වූ මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජනවාරි මස 8 දා පැවැති මැතිවරණයෙන් වෙනස් වූයේ මේ රටේ ජනාධිපතිවරයා පමණක් බවත් ඒ හැරෙන්නට රාජ්‍යතන්ත්‍රයේ කිසිඳු වෙනසක් සිදුනොවූ බවත්ය. යම් යම් බාධා තිබුණ ද හෙමින් හෙමින් අවශ්‍ය ස්ථානනයට ගමන් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

යහපාලනයෙන් රට දියුණු කිරීම සඳහා රජය පමණක් නොව සියලු පාර්ශ්වයන් එක් වියයුතු බව පෙන්වාදුන් ඒ මහතා ඒ වෙනුවෙන් එක් පුද්ගලයකු වටා බලය රඳවාගෙන කළ නොහැකි බවද එම ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවද කීවේය. තුනෙන් දෙකක බලයක් පසුගිය රජයට තිබුණ ද අවශ්‍ය අවස්ථාවන්හි දී තීරණ නොගත් බව සිහිපත් කළ එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 40 ක් තිබුණ ද වත්මන් රජයට එවැන්නක් කිරීමට හැකියාව ලැබී තිබෙන බවද පෙන්වා දුන්නේය.

විධායකය සහ ව්‍යාවස්ථාදායකය අතර සමතුලිත බවක් අවශ්‍ය බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍ය මණ්ඩලය විශාල කරනවාට විරුද්ධ බවද පැවසීය.

Last modified on Thursday, 26 March 2015 07:35

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us