පැරදුන මහින්දට වැඩි ආරක්ෂාවක් දීම හෙළා දකිනවා - අසාද් සාලි

Published in පුවත්
Wednesday, 25 March 2015 17:11

විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුට වඩා පැරදී ගිය කෙනාට වැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් ලබාදිය යුතු ප්‍රමාණයටත් වඩා ලබා දීමට කටයුතු කිරීමත් හෙලා දැකිය යුතු බව පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එමෙන්ම පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව වෙනුවෙන් ගෙන්වන ලද සුපිරි වෑන් රථ 5 ක් රාජපක්ෂ ආර්යාවගේ කාල්ටන් පාසල සඳහා නීති විරෝධි ලෙස ලබා දී ඇති බවත් එම රථ තවමත් එම පාසලේ භාවිතයට යොදා ගනිමින් සිටින බවත් ඔහු මෙහිදී පැවැසීය.

එමෙන්ම රාජපක්ෂ පවුලේ සී.එස්.එන්. රූපවාහිනී නාලිකාව ආරම්බයේදී ඊට රූපවාහිනී කැමරා ආදී ආම්පන්න කිසිවන් නොතිබුණ බැවින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපකරණ වසරක පමණ කාලයක් පුරා යොදා ගෙන තිබෙන බව හෙළිව ඇතැයිද ඔහු කීවේය.

මේ අතර තවත් හෙළිදරව් කිරීමක් කරමින් ඊයේ රාත්‍රියේදී වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දරන්නකු ඇතුලු ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ඔහුගේ නිවසේදී පවුවී රජය පෙරළන කුමන්ත්‍රණකාරී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔහු පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us