අධිකරණයත් ආණ්ඩුවත් හෑල්ලු කරන්න මරාවාදීන්ගෙන් පෙත්සම් Featured

Published in පුවත්
Thursday, 26 March 2015 07:36

මෙරට අධිකරණය වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම සඳහා කිසිදු නීතිමය පදනමකින් තොර හේතු තර්ක ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර පරාජය වන්නට ඉඩ හැරීම සම්බන්ධ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ සැලසුමක් ගැන හෙළිවේ.

අධිකරණය මෙම පෙත්සම් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ විභාගයේදී පරාජය වීම හෝ සිදු වු විට අධිකරණය ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා දී එමඟින් ආණ්ඩුව අහිකරණයේ ස්වාධිනත්වය කෙළෙසා ඇතැයි ප්‍රචාරයන් ගෙන යාමත් ඒ මුල් කරගෙන මෙම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ යුතු යැයිද කියමින් ප්‍රචාරයක් ගෙන යාම මෙම සැලසුමේ අරමුණය.

මේ අතර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතුළත් ව්‍යවස්ථා කිහිපයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3 ක් ඉදිරිපත් කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයෙහි මහලේකම් උදය ගම්මන්පිල, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයාශ්‍රී, ලියන පතිරණගේ අයිවන් පෙරේරා යන මහත්වරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. මෙම යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි 70 (1) ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලසීමාව වසරේ සිට වසර හතරහමාර තෙක් වැඩිකර ඇත. එමඟින් ජනතාවට සිය ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය උල්ලංඝණය වන බව ජනාධිපති නීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා ඉදිරිපත් කළ පෙත්සමෙහි සඳහන් වේ.

එසේම විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරමින් 33 (අ) ව්‍යවස්ථාව ඉදිරිපත් කර ඇත. 14 (1) අ ව්‍යවස්ථාව මඟින් රජයේ බලතල සීමා කර තිබේ. එමඟින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව එම පෙත්සමෙහි දැක්වේ.

මෙම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි 1 සිට 54 තෙක් වන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගොනුකළ පෙත්සමෙහි සඳහන් වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි 2 වැනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ව්‍යවස්ථාවට පටහැනි බවට එල්. පී. අයිවන් පෙරේරා මහතා ගොනුකළ පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් මෙම සංශෝධිත පනත් කෙටුම්පත පනතක් වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් ද ජනමත විචාරණයකදී මෙරට ජනතාව විසින් ද සම්මත කර ගත යුතු බවට තීරණය කරන්නැයි මෙම පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.

Last modified on Thursday, 26 March 2015 07:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us