මේ මස 26,27 සහ 28 යන තෙදින තුළ තෝරාගත් අධි අවදානම් කලාපවල ඇති නිවාස, පාසල්, කර්මාන්තශාලා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීමට නියමිතය.
මාර්තු 29 වන ඉරිදා නිවාස, පොදු ස්ථාන, කාණු පද්ධති හා ආගමික ස්ථාන පරික්ෂාවට ලක් කරන අතර මාර්තු 30, 31 සහ අප්‍රේල් පළමු වැනිදා අනෙකුත් අවදානම් කලාපවල ඇති නිවාස සහ ආයතන ආදිය පරික්ෂා කිරීමට සැලසුම් කර ඇත.
මේ වසරේ දී රටපුරා ඩෙංගු රෝගීන් 10,353 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 20ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.