subash
පසුගිය දින කිහිපයේ තාවකාලිකව නවතා තිබුණු මහා මාර්ග හා ගම්බද මාර්ග සංවර්ධන කටයුතු නැවත ආරම්බ කිරීමට පසුගියදා මහ මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම කොන්ත්‍රාත් කටයුතු සිදු කරමින් සිටි චීන ඉදිකිරීම් සමාගම කිහිපයකට අදාල මුදල් පියවීම සඳහා මිලියන 1000 ක මුදලක් පසුගිය 26 වන දින සිදු කර ඇතැයි වාර්තාවේ.
අස්ගිරි නාහිමිගේ සුවදුක් බැලිමට විදේශ ඇමැති සිංගප්පූරු යයි
සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේදිනවල සිංගප්පුරුවේ රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබති.
ශ‍්‍රී ලංකාවෙන් දුෂණ හා වංචා තුරන් කිරීමට නම් වඩා වැදගත් යාන්ත‍්‍රණයක් සකස් විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියි.
උපන් විගස සියලු දරුවන් විශේෂ සායනික පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැත.
යුරෝපා සංගම් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවද නොසලකා හරිමින් එල්.ටී.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.මෙය වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන යහ පාලන ආණ්ඩුව පුද්ගලික බැංකු අංශයේ පාලනයද මේ වන විට සියතට ගනිමින් පසුගිය රජය යටතේ රාජ්‍ය අංශයේ කොටස් අයිතිය වෙනුවෙන් පත් විම් ලැබ සිටි පුද්ගලික බැංකු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට ඉල්ලා අස්වෙන ලෙසට බල කෙරෙන ලිපි යොමු කර ඇති බව අදාල බැංකු හා මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන බව රන්දොර වෙබ් අඩවිය වාර්තා කරයි.
The Playa de Gulpiyuri සයුරක් නොමැති වෙරළක්. මේ විශේෂිත වෙරළ පිහිටා තිබෙන්නෙ ස්පාඤ්ඤයේ Llanes නම් කුඩා නගරය තුලයි.
ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ආප්ප බානවා වගේ කරන්න බෑ - අනුර කුමාර දිසානායක
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීම, 19 වැනි සංශෝධනය ඇතුළු මාතෘකා කිහිපයක් නිසා රටේ දේශපාලනය ‘ගිනියම්’ වී ඇති මොහොතක කාලීන දේශපාලන කරුණු කිහිපයක් පාදක කරගනිමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සංවාදයකි මේ.
චීනයේ සංචාරවක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) එරට පැවැත්වෙන බෝආ සමුළුවේ ආරම්භක සැසිය ඇමතුවේය.
