දූෂණ හා වංචා තුරන් කිරීමට යාන්ත්‍රණයක් ඕනෑ

Published in පුවත්
Sunday, 29 March 2015 09:34

ශ‍්‍රී ලංකාවෙන් දුෂණ හා වංචා තුරන් කිරීමට නම් වඩා වැදගත් යාන්ත‍්‍රණයක් සකස් විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියි.

සිද්ධීන් මත පදනම්ව පරීක්ෂණ සිදු කළද එය රටේ පැතිරී ගොස් ඇති වංචාව හා දුෂණය තුරන් කිරීමට හේතුවක් නොවන බවද එම කොමිසම පෙන්වා දේ. දුෂණය පිටුදකින බව ප‍්‍රකාශයක් වශයෙන් නිකුත් කලද එවැනි වැඩපිලිවෙලට වැදගත්වන මූලෝපායන් රජය සතුව නොමැති බව ආසියානු මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී අැත.

දැනට ලෝකයේ සාර්ථකව ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන ආයතන හා සංසන්දනය කොට බලන විට ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් බව ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසා සිටියි.

මූලිකව එය පොලීසියේ පරීක්ෂවරුන්ගේ විමර්ශන මත පදනම්ව ඇති බවත් ඒ නිසාම පරීක්ෂණ පිළිබඳ තොරතුරු එළියට යාමට තිබෙන ඉඩ කඩ විශාල වශයෙන් වැඩි බවත් ඔහු සදහන් කරයි.

මේ අතර දුෂණ වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වන පැමිණිලි අපේ‍්‍රල් මස විසි හතර වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස අදාළ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ජනතාවට දැනුම් දේ. අදාළ පැමිණිලි අංක පහ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ හැකිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us