subash
විල්පත්තු වන විනාශය ගැන බොදු බලසේනාව ජනපතිට මතක් කරයි
රජයේ ඇමැතිවරයකුගේ මැදිහත් වීමක් සහිතව විල්පත්තු වන රක්ෂිතයේ සිදුවෙමින් පවතින වන විනාශය සම්බන්ධයෙන් වත්මන් පාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවලට පටහැනි ක්‍රියාවක් බවත් දක්වමින් බොදු බල සේනා සංවිධානය අද දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
ලෝකයේ මිනිස්සු කනබොන විදිය ජීවත්වෙන විදිය එකිනෙකාට වෙනස්. වෙනත් විදියකට කියනවනම් එකිනෙකට වෙනස් විවිධ සංස්කෘතීන්ගෙන් යුක්තයි. ඒ හැම එකක්ම නිර්මාණය වෙන්නෙ ජීවත්වෙන පරිසරයට අනුව.
රාජපක්ෂ හොල්මන් පරදවන්න කලාකරුවෝ අලුත් වැඩකට (audio)
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ එළෙඹෙන මහ මැතිවරණයේදී තවමත් හොල්මන් කරන රාජපක්ෂ බලවේගය පැරදවීම සහ ඉදිරියේදී පත්වන නව රජය මගින් මෙරට දේශපාලනික වශයෙන් හා කලාවේ පක්ෂයෙන් විය යුතු ප්‍රතිසංස්කරණ සිදු කරවා ගැනීමේ අරමුණ සහිතව ඉදිරියට ක්‍රියාකරන බව ප්‍රකාශ කරයි.
සම්බන්ධන්, දෙමළ ජනතාවගේ ප්‍රශ්න චන්ද්‍රිකා කර මත තබයි
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට සැබෑ විසඳුමක් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ ජනාධිපති කොමිසම මගින් ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි සඳහන් කර තිබේ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අවධියේදී නුගේගොඩ පැවැති ඔහුගේ පළමු රැළියේදී අපූරු කතාවක් කීවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැරැල්ලකට යොමු වීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට බරපතල හානියක් වූ බවට අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනාවන්ට පිලිතුරක් ලෙසය. ඔහු එදා ඊට පිලිතුරු බැන්දේ,එම චෝදනාව මිනිහෙකුගේ අතපය හතර බැඳ දමා ළිඳකට තල්ලු කරදමා ඒ මිනිහා ඉන් ගොඩ ඒමට දඟලන විට ළිඳ බොර උනාම, අන්න අරූ ළිඳ බොර කළා යනුවෙන් කරන චෝදනාවට සමාන බවය.
වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ.
අනතුරට පත් යානයේ සිරුරු හඳුනා ගැනීමට ඩී එන් ඒ පරීක්ෂණ
මීට දින පහකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයට කඩා වැටුණු ජර්මන්වින්ස් යානාවේ ගමන් කළ මගීන්ගේ සිරුරු කොටස් සොයාගෙන ඇත. එහෙත් මේ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. සිරුරු හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
