subash

subash

2015 අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැඩිකරන ලද රුපියල් 10 000 ක දීමනාව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්හට නොගෙවීම හා ඒ පිළිබදව මෙතෙක් සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබදව විරෝධය පළකිරීම උදෙසා සෙත්සිරිපාය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අද (02) දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේය.

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවිය ඉතා පැරණි ඉතිහාසයකට නෑකම් කියන ලෝකයේ ප්‍රමුඛ පෙලේ සරසවි අතරින් එකක්.

‘‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම’’ යනුවෙන් පිරුළක් ඇත. සරසවි සිසුන්ට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය ද මීට සමාන ය; නැත... එය ම ය.

වත්මන් රජයේ ආර්ථිකය සම්බන්ධයෙන් වන වගකිමක් උසුලන ඇමැතිවරයෙක් විසින් යහපාලනයේ නාමයෙන් මේවන විට ජාවාරම් ‍රැසක නිරතව සිටින බව අනාවරණය වේ. පසුගිය රාජපක්ෂපාලන සමයේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ භුමීකාවට පණ පොවමින් සිටින මේ ඇමැතිවරයා විසින් මේවන විට ක්ෂේත්‍ර ගනනාවක ව්‍යාපාරිකයන්ගේ කොමිස් අයකරමින් සිටින බව හෙළිව තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත මුහුදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමේ සභාපතිවරයාට ඊයේ (01)පැමිණිල්ලක් භාරදී ඇත.

යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට කිසියම් විෂ ද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවත් ලංකා ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය ලිං 150 ක වතුර සාම්පල් යොදාගෙන සිදුකළ පරීක්ෂණයේදී 73% ක ග්‍රීස් ඔයිල් ආදි විෂ ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වී ඇතැයි අනාවරණය වූ බව යාපනය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මුරලි මහතා පවසයි.

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

Connet With Us