චුන්නාකම් ජල ප්‍රශ්නය එහෙමමයි

Published in පුවත්
Thursday, 02 April 2015 11:19

යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට කිසියම් විෂ ද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවත් ලංකා ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය ලිං 150 ක වතුර සාම්පල් යොදාගෙන සිදුකළ පරීක්ෂණයේදී 73% ක ග්‍රීස් ඔයිල් ආදි විෂ ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වී ඇතැයි අනාවරණය වූ බව යාපනය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මුරලි මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (01) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙම අවස්ථාව සඳහා පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ නිතීඥ නුවන් බෝපගේ මහතාද සහභාගි විය.

එහිදි අදහස් දවමින් ඔවුන් පෙන්වා දුන්නේ 2007 වර්ෂයේ යාපනයට පැමිණි එම්.ටී.ඞී. වෝකර්ස් සමාගම මෙගා වොට් 24 ක ධාරිතාවකින් යුක්ත දැවිතෙල් විදුලි බලාගාරයක් ස්ථාපනය කරන අතර එම ජනන පද්ධතිය 2009 වර්ෂයේ දී විවෘත කර තිබේ.

මේ සඳහා කිසිදු පරිසර තක්සේරු වර්තාවක් හෝ කර නොමැති අතර වසර 2011 දි මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලිපියක් යොමු කරමින් විමසා ඇත්තේ උතුරු පුද්ගලික විදුලි සමාගමේ විදුලි ජනන බලාගාරය ඉදිකිරීම සඳහා පරිසර තක්සේරු වාර්තාවක් සිදුකර තිබේද යන්නයි.

මෙමගින් මේ සම්බන්ධයෙන් නිසි පරිසර තක්සේරු වාර්තාවක් සිදුකර නොමැති බව පැහැදිලි වේ.

යාපනය අර්ධ-දිවයිනට මෙන්ම ආශ‍්‍රිත කලාපයම දැන් ද ජල හිඟයක වෙළී පැටළී සිටින පසුබිමක මෙම තත්ත්වය බරපතළ බව අදහස් දක්වමින් පරිසරවේදි රවීන්ද්‍ර කාරිවසම් මහතා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ බෝපගේ මහතා පෙන්වා දුන්නේ මේ සඳහා විදිමත් පරිසර තක්සෙරු වාර්තාවක් හෝ සිදුකළේ නම් පවුල් 17000ක් පමණ මෙලෙස දැඩි පාරිසරික අවදානමකට පත් නොවන බවයි.

ඒ හේතුවෙන් මුලික අයිතිවාසිකම් කඩවීම හේතුකොට ගෙන තමන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රියා කරන බව ඔහු පෙන්වා දුන්නේය.

DNP 0516

DNP 0523

DNP 0527

DNP 0543

DNP 0565

DNP 0560

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us