කේම්බ්‍රිජ් සරසවිය යටින් මතු වූ සොහොන් බිම

Published in අනං මනං
Thursday, 02 April 2015 12:59

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවිය ඉතා පැරණි ඉතිහාසයකට නෑකම් කියන ලෝකයේ ප්‍රමුඛ පෙලේ සරසවි අතරින් එකක්.

කේම්බ්‍රිජ් සරසවිය ඉදිකිරීමට පෙර මෙතැන මෙතන තිබිල තියෙන්නෙ රෝහලක්. ඒ 1195 තරම් ඈත කාලයේදීයි.

මේ රෝහලට අයත් සොහොන් බිමේ වලදමා තිබූ  මිනිස් ඇටසැකිළි 1300ක් පමණ සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්ව තිබේ.

මේ රෝහල තිබුණු බිමේ 1511දී ශාන්ත ජෝන් පාසල ඉදිකරලා. මෙම පාසලට අයත්ව තිබූ පැරණි ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමට යාමේදී එහි පාදමෙන් මෙම ඇටසැකිළි මතුව තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට මෙය බ්‍රිතාන්‍ය තුල මෙතෙක් හමුවූ මධ්‍යකාලින යුගයට අයත් ලොකුම සොහොන් බිම බවයි. එසේම මෙම ඇටසැකිළි මගින් මාධ්‍යකාලීන යුගයට අයත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

kembrij

kembrij2

kembrij3

kembrij4

ක්‍රීඩා

Connet With Us