ලොව වයස්ගතම කාන්තාව මියයයි

Published in අනං මනං
Wednesday, 01 April 2015 13:47

ලෝකයේ ජීවත්වසිටි වයස්ගතම මිනිසා ලෙස සැලකෙන මිසාඕ ඔකාවා මියගොස් තිබේ.

ජපන් ජාතික කාන්තාවක් වන මිසාඕ ඔකාවා ලෝකයේ වයස්ගතම පුද්ගලයා මෙන්ම ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස 2013 වර්ෂයේදී ගිනස් වාර්තා පොතට ඇතුලත් විය.

ඇය මියගොස් තිබුනේ හදවත අඩපණ වීම හේතුවෙනුයි.

1898 මාර්තු මස 5දා  උපන් ඇය සිය 117වැනි උපන්දිනය පසුගිය මාසයේ  සමරනු ලැබුවා. ඇය උපන්දිනය සමරමින් පැවසුවේ තමන් දිගු කාලයක් ජීවත්වීමේ රහස වන්නේ රාත්‍රියට පැය 8ක් නිදා ගැනීම සහ සුෂී අනුභව කිරීම බවයි.

ඇගේ උපන්දින සැමරීම ජපාන ජාතික රූපවාහිනිය ඔස්සේද විකාශය කරනු ලැබුවා.

osaka1

ක්‍රීඩා

Connet With Us