subash

subash

කුඩා තේවතු හිමියන් විසින් නිපදවන අමු තේ දලු කිලෝවක් සදහා රු 80 ක සහතික මිල ක්‍රමයක් පවත්වා ගෙන යාමට සහ කුඩා රබර්වතු හිමියන් විසින් නිෂ්පාදනය කරන ස්වභාවික රබර් සදහා සහතික මිලක් ලබාදීම යන කාරණා සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

බුද්ධසාසන හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැතිධුරයෙන් තිස්ස කරලියැද්ද මහතා ඉලා අස්වූයේ ඇමැතිකම පොඩි වැඩි වීමෙන් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද(03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

කළුතර පාහියංගල ඉපැරණි සුසාන භුමියෙන් 2012 වසරේ දි සොයා ගත් මිනිස් ඇටසැකිල්ල මෙයට වසර 10000 කට පෙර ජිවත් වු කාන්තාවගේ බව මේ පිළිබඳ එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පවත්වනු ලැබු කාල නිර්ණ වාර්තාවෙන් හෙළිවී ඇතැයි පශ්චාත් පුරාවිද්‍යා උපාධි ආසතනයේ කථිකාචාර්ය හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා පවසයි.

මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පරිපාලකයින්ට, කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අඛණ්ඩව අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාවට උපදෙස් දී ඇත.ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උතුර පළාත් සභාවට පූර්ණ බලතල ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මයික්‍රෝසොෆ්ට්‌ ආයතනය ස්‌පාර්ටන් ප්‍රොජෙක්‌ට්‌ නමින් නව වෙබ් බ්‍රව්සරයක් හඳුන්වාදී ඇත.

කෙන්යාවේ ගරිස්සා ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 147 ක් දක්වා වැඩි වී තිබේ. කෙසේවෙතත් කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිසුන් සියලූ දෙනා මේ වනවිට බේරාගෙන තිබෙන බව බී බී සී ලෝක සේවය පවසයි.

රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත්‍රය ප්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ සේවාවන් සාපේක්ෂ පහසුවකින් අවශ්‍ය තන්හිදී ලබාගත හැකි වන ලෙසින් රාජ්‍ය ව්‍යුහය සකසා ගැනීම අවශ්‍ය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිස සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා ඇමැතිවරයට ලබා දී ඇතැයි වාර්තාවේ.

Connet With Us