තේ,රබර් වලට සහතික මිලක් සදහා කැබිනට් අනුමැතිය

Published in පුවත්
Friday, 03 April 2015 14:03

කුඩා තේවතු හිමියන් විසින් නිපදවන අමු තේ දලු කිලෝවක් සදහා රු 80 ක සහතික මිල ක්‍රමයක් පවත්වා ගෙන යාමට සහ කුඩා රබර්වතු හිමියන් විසින් නිෂ්පාදනය කරන ස්වභාවික රබර් සදහා සහතික මිලක් ලබාදීම යන කාරණා සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

කුඩා තේවතු හිමියන් විසින් නිපදවන අමු තේ දලු කිලෝවක් සදහා රු80 ක සහතික මිල ක්‍රමයක් පවත්වා ගෙන යාම දින සියයට අයත් යෝජනාවක් මෙන්ම අතුරු අවයැයෙහිද එන යෝජනාවකි.ඒ අනුව කුඩා තේවතු හිමියන් විසින් නිපදවෙන අමු තේ දලු කිලෝවක් සදහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මේවන විට වර්තමාන දේශීය වෙළදපල තුළ රබර් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.මේ තත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර වෙළදපොළේ මිල පදනම් කර ගත් ක්‍රමවේදය වෙනුවට දේශීය වෙළදපළේ රබර්මිල පදනම් කර ගනිමින් සහතික මිලෙහි හා දේශීය වෙළදපලෙහි රබර් මිල අතර වෙනස රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කුඩා රබර් වතු හිමියන්ට ගෙවීම සදහාද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එම ක්‍රමවේදය කුමවේදය අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us