මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 03 April 2015 11:55

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අඛණ්ඩව අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාවට උපදෙස් දී ඇත.ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උතුර පළාත් සභාවට පූර්ණ බලතල ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

උතුරේ දේශපාලන නියෝජිතයින් සහ ධීවර සංගම් නියෝජිතයින් සමඟ එම ජනතාවගේ ධීවර ගැටළු පිළිබඳව ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.

ධීවර පනත කඩිනමින් සංශෝධනය කර ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට ඉඩ දී ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ ධීවර ගැටලුව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු අතර විදේශ, ආරක්ෂක සහ ධීවර අමාත්‍යංශ මේ සඳහා සම්බන්ධිකරණයක් ඇතිකර ගතයුතු බවයි.

මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වුවන්ට ඉඩම් ලබාදීම සහ නැවත පදිංචි කරවිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණි.

එහිදී අදාළ ඉඩම් හඳුනා ගැනීමේදී වන ඝනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us