රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණයන්ට සාම විනිසුරු පදවි

Published in පුවත්
Friday, 03 April 2015 12:05

රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පරිපාලකයින්ට, කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඔවුන් සිදුකරන සමාජ සේවා කටයුතු සමාජයට වැඩදායී ලෙස තවදුරටත් සිදුකරගෙන යාම සඳහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මේ අනුව ක්‍රීඩා සංගම් 52 ක නියෝජිතයින් 260 දෙනෙකුට සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්දේශ මත ප්‍රවීණ කලාකරුවන් සිය දෙනෙකුට මෙම සාමවිනිසුරු පදවි පිරිනමනු ඇත. එසේම ප්‍රධාන ජනමාධ්‍ය සංගම්වල නිර්දේශ මත මාධ්‍යවේදීන් සිය දෙනෙකුටද සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us