ක්රීඩා ඇමැතිවරයා විසින් පසුගියදා ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසුරුවා හැර අන්තර් කමිටුවක් පිහිටුවන ලදී එහි සභාපතිත්වයට හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කළේය.
සිදත් වෙත්තමුණි මහතා තේරීම් කමිටුවේ ප්රතිපත්තිය ගැන එහි සභාපතිවරයාගෙන් විමසා තිබුණු අතර ඒ සඳහා ප්රතිපත්තියක් තිබිය යුතු බවත් අවධාරණය කර තිබිණි.
මේ අතර අන්තර් කමුටුවක් පිහිටුවීම ගැන ඇමැතිවරයාට විරෝධය දැක්වීම සඳහා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශන්ත රණ තුංග මහතා එහි හිටපු විධායක සභා සාමාජිකයන් කැඳවා සාකච්ඡාවක් සූදානම් කළද එම විධායක නිළධාරීන් ඒ ප්රතික්ෂේප කර ඇත.