සමෘද්ධිය 9 වන දා සිට දෙගුණයකින් වැඩිවේ

Published in පුවත්
Friday, 03 April 2015 08:43

සමෘද්ධි සහනාධාරය උපරිම සියයට දෙසීය (200%) දක්‌වා වැඩි කිරීම ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නව රජයේ දින සියයේ වැඩසටහන මේ වනවිට ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඒ සම්බන්ධව පත් කොට ඇති කමිටුවේ සභාපති චරිත රත්වත්තේ මහතා ඊයේ (02 දා) කොළඹදී පැවසීය.

දින සියයේ වැඩසටහනට ඇතුළත් කර තිබෙන විවිධ වැඩසටහන් නිම කිරීම සම්බන්ධයෙන් පියවර ගණනාවක්‌ම ගොන ඇතැයි පැවසූ ඒ මහතා මේ වනවිට ඉන් 25% ක්‌ අවසන් කොට ඇති අතර අනෙක්‌ ඒවායින් 60% ක්‌ පමණ වෙමින් පවතින බවද කීය.

කඩිනමින් ඉටු කිරීමට හැකි කරුණු රැසක්‌ මේ වනවිටත් ඉටු කර ඇතැයිද දීර්ඝ කාලයක්‌ ගත වන අනෙකුත් වැඩසටහන් සම්බන්ධව විවිධ මට්‌ටමින් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

දින සියයේ වැඩසටහන පිළිබඳ ප්‍රගතිය ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේනත්=ව විසින් විමසා බැලෙන අතර එහි අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශනා සේනානායක මහත්මිය ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූවාය.

ඒ අනුව දින සියයේ වැඩසටහනේ වැඩ සියය අතුරින් වැඩ තිස්‌ අටක්‌ අවසන් කර තිබෙන අතර අනෙකුත් වැඩ සියල්ලම ක්‍රියාවට නංවමින් පවතී.

මේ අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීම විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවල පොලිය ඉහළ දැමීම, ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක්‌ ලබාදීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීම ඉන්දන මිල අඩු කිරීම, ගෑස්‌ මිල අඩු කිරීම, වී, අර්තාපල්, රබර් සඳහා සහතික මිලක්‌ ලබාදීම, ගොවි ණය කපා හැරීම වැනි කරුණු මේ වනවිට සිදුව ඇතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කීවාය.

මීට අමතරව විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්‌ ආරම්භ කිරීම, එම ශ්‍රමිකයන්ගේ පවුල් සඳහා සුරැකුම් වැඩසටහනක්‌ ආරම්භ කිරීම, රන් භාණ්‌ඩ සඳහා පොලිය ඉවත් කිරීම, නොමිලේ වයි- ෆයි ලබාදීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය උගුලෙන් මුදවා ගැනීම, මත්කුඩු ජාවාරම්කරුවන් මර්දනයට බළකායක්‌ පිහිටුවීම, දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% දක්‌වා වැඩිකිරීම, මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000 දක්‌වා වැඩිකිරීම, පාසල්වල ආගම ඉගැන්වීම අරභයා කමිටුවක්‌ පත්කිරීම, හමුදා සෙබළුන් විවිධ ශුද්ධ පවිත්‍ර කිරීම්වලින් ඉවත් කිරීම යන යෝජනා ද ක්‍රියාත්මක කර ඇති බව ඇය කීවාය.

මැති ඇමැතිවරුන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් හමුදාව අනවශ්‍ය ලෙස යොදා ගැනීම, නිවාස ව්‍යාපෘතිය, උතුරේ සහ දකුණේ සිවිල් පාලනයක්‌ ඇති කිරීම, ආගමික ස්‌ථානවලට රැකවරණය දීම, පාර්ලිමේන්තු රැස්‌වීම් සජීවි ලෙස ප්‍රචාරය කිරීම, හිටපු හමුදාපති සහ හිටපු අගවිනිසුරුවරියට සාධාරණය ඉටු කිරීම, විදේශ සේවය දේශපාලනීකරණයෙන් තොර කිරීම ආදී යෝජනා මේ වන විට ක්‍රියාත්මක කර අවසන් බව ඇය සඳහන් කළාය.

දින සියයේ සඳහන් අනෙක්‌ කරුණු රැසක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසමින් සිටින බවද සේනානායක මහත්මිය වැඩිදුරටත් කීවාය.

divaina

Last modified on Friday, 03 April 2015 08:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us