subash
පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතය.
නාවික, ගුවන් හමුදාපතිවරුන් යුද්ධෙදි මොනවද කළේ?(video)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සෙකා මහතා සිරස රූපවාහිනිය සමඟ ඊයේ(05) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමාට ෆීල්ඩ් මාෂල් ධුරය හිමිවීට තිබූ සුදුසුකම් පිළිබදව සහ එම ධුරය අපේක්ෂා කළ අනෙකුත් අයට එය නොලැබීමට බලපෑ හේතු සාධක පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.
තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් ඕමාර් එම නායකත්වයේ වසර 19ක කාලයක් රැඳී සිටීම සමරමින් ඔහුගේ චරිතාපදානයක් තලේබාන් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත මේ දක්වා ප්‍රසිද්ධ කිරීමක් නොකිරීමත් එය හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සහය වැලැක්වීම සඳහාත් ශ්‍රී ලනීපයත් ජාතික හෙළ උරුමයත් අද දින කතා නායකවරයා හා සාකච්ඡා කිරීමට නියමිතය.
මේ වන විට අවතැන්ව සිටින රාජපක්ෂවාදී දේශපාලන පක්ෂ හා එම පක්ෂ හා අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක් වී 'වැඩ කරන ජනතාවගේ එක්සත් මැයි දින රැළිය 'නමින් වෙනම මැයි දින රැළියක් පැවැත් වීමට නියමිත අතර මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගී වීමට නියමිත ය.
කුරගල දේවස්ථානය ඉවත් කරන්න වුණොත් ඊට ඒ පාර්ශ්වය එකඟයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
පුරාවිද්‍යා කැණීම් සඳහා කූරගල දැනට පවතින ඉස්ලාමීය දේවස්ථානය ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විකල්ප ස්ථානයකට යාමට එම දේවස්ථානයේ පාර්ශවයේ කැමැත්ත පළ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
රාජපක්ෂලා ගුවන් සමාගම උලා කෑ හැටි පාර්ලිමේන්තුවට හෙළි කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳ වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති අජිත් ඩයස් මහතා ඊයේ පැවැසීය.
"යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ" මිනිස්සු කියන කතාව ඇත්තද ?- මහාචාර්ය ජයදේව උයන්ගොඩ
“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය.
