19 වන සංශෝධනය කතානායක බාර නොගන්නා තැනක

Published in පුවත්
Monday, 06 April 2015 11:00

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙ‍ටුම්පත මේ දක්වා ප්‍රසිද්ධ කිරීමක් නොකිරීමත් එය හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සහය වැලැක්වීම සඳහාත් ශ්‍රී ලනීපයත් ජාතික හෙළ උරුමයත් අද දින කතා නායකවරයා හා සාකච්ඡා කිරීමට නියමිතය.

දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සහය ඒ වෙනුවෙන් ලැබෙනු ඇති බවය.

19 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම් පත පසු ගියදා ගැසට් කරනු ලැබුවද ඊට එල්ල වූ ඇතැම් විරෝධතා හේතුවෙන් විවිධ සංශෝධන ගෙන එනු ලැබු නමුත් මෙලෙස නැවත සංශෝධනය කරනු ලැබූ අවසන් කෙ‍ටුම් පත මේ දක්වා ප්‍රසිද්ධ කිරීමක් සිදු කර නොමැත. මේය ජතික හෙළ උරුමය ව්‍යවස්ථා කුමන්ත්‍රනයක් බවට හඳුන්වා දී තිබිණි.


මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බවට ප්‍රතිඥාවක් ලබාදීම සඳහා වූ ලියවිල්ලට අත්සන් තැබීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ද වාර්තාවේ.

නව ව්‍යස්ථාව සංශෝධනය සමග මැතිවරණ ක්‍රමයේ සංශෝධනයද සිදුකළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පක්ෂවල බහුතර මතය වී ඇති අතර, එවැන්නක් සිදුනොවන ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නොවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති. ඒ සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර අැතැයි පැවසේ.

එය සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය අත්‍යවශ්‍ය වන බවත්, නව ව්‍යස්ථා සංශෝධනයේ අඩංගු කරුණුවලට දැනටමත් එම පක්ෂය විරෝධය පළකර ඇති බවත් සඳහන් වෙයි.
එසේම ඒ සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණද ඇතුළත් කරන ලෙස දන්වා ඇත.


මෙකී ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන ක්‍රියාදාමය ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය ලබන 8, 9, 10 යන තෙදින තුළ විවාදයට නොගන්නැයි ඉල්ලීමක් කරන බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පී.එල්. පීරිස් මහතාද අදහස් ප්‍රකාශ කර තිබිණි.

අවසාන ලියවිල්ල සකස් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර යුතු බවත්, ඉන් අනතුරුව මහජන පෙත්සම් සඳහා සතියක කාලයක් ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

අද දින තමා ඇතුළු විපක්ෂ නියෝජිතවරු කථානායකවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us