මහින්ද වෙනම මැයි ‍රැළියක් සංවිධානය කරයි

Published in පුවත්
Monday, 06 April 2015 08:44

මේ වන විට අවතැන්ව සිටින රාජපක්ෂවාදී දේශපාලන පක්ෂ හා එම පක්ෂ හා අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක් වී 'වැඩ කරන ජනතාවගේ එක්සත් මැයි දින ‍රැළිය 'නමින් වෙනම මැයි දින ‍රැළියක් පැවැත් වීමට නියමිත අතර මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගී වීමට නියමිත ය.

මේ සඳහා මේ වනවිට කුඩා වෘත්තීය සමිති සියයක පමණ සහයෝගය පළකර ඇත.

වත්මන් ආණ්‌ඩුවේ සේවක පළිගැනීම්වලට, තර්ජනවලට විරුද්ධව, දින සියයට දුන් පොරොන්දු ඉටු නොකිරීම, කොන්ත්‍රාත් සහ අනියම් සේවකයන් දොට්‌ට දැමීමට විරුද්ධව, පොරොන්දු වූ පරිදි වැටුප් නොගෙවීම යන කරුණු රැසක්‌ මුල්කරගෙන මෙම වැඩකරන ජනතාවගේ එක්‌සත් මැයි දින රැලිය පැවැත්වෙන බව ලංකා කම්කරු සමිති මධ්‍ය බල මණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයන්ගේ එකතුවෙන් මෙවර එක්‌සත් මැයි දින රැලියට ස්‌ථාන පහකින් ගමන් කර ප්‍රධාන පෙළපාලියට එක්‌වේ.

මේ සම්බන්ධයෙන් මුලික සාකච්ඡාවක් වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලයේ කැඳවුම්කරු අලෙවි මව්ලානා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයරාමයේදී පසුගියදා පවත්වා ඇත.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ රාජා කොල්ලුරේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ, ජාතික නිදහස්‌ පෙරමුණේ පියසිරි විඡේනායක එජනිස පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු වෘත්තීය සමිති නායකයන් මේ සාකච්ඡා සඳහා සහභාගි වී ඇති බවත් වාර්තා වේ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us