කුරගල දේවස්ථානය ඉවත් කරන්න වුණොත් ඊට ඒ පාර්ශ්වය එකඟයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

Published in පුවත්
Monday, 06 April 2015 08:12

පුරාවිද්‍යා කැණීම් සඳහා කූරගල දැනට පවතින ඉස්ලාමීය දේවස්ථානය ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විකල්ප ස්ථානයකට යාමට එම දේවස්ථානයේ පාර්ශවයේ කැමැත්ත පළ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (4) පැවති මාධ්‍ය හමුවකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

මෙම ස්ථානයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලිය ඉවත් කළ යුතු බවට බෞද්ධ අන්තවාදී සංවිධාන කාළයක සිට කලහාකාරී ලෙස කටයුතු කරමින් සිටින අතර පසුගියදා එවැනි සිදුවීමක් වාර්තා විය.

කුරගල මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමා බුදුපිලිමයක් තැන්පත් කිරිමට වර්ගවාදී සංවිධානයක් වන සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මිමන දයාරතන හිමි ඇතුළු 200 පමණ කණ්ඩායමක් පෙරේදා (4 ) දහවල් 1.30 ට පමණ කූරාගල පුරාවිද්‍යා භාරයේ තිබෙන ස්ථානයට පැමිණි අවස්ථා‍වේදි ප්‍රදේශයේ සිටින සිංහල ,මුස්ලිම් ජනතාව විරෝධය පා ඇත. අපේ ගමේ සහෝදරත්වය බිදින්න එපා කියමින් ගම්මුන් සියල රාවය සංවිධානයට ප්‍රකාශ කිරිමත් සමඟ මේ දෙපිරිස අතර කලහකාරි තත්ත්වයක් ඇති වී ඇත. මෙම වර්ගවාදීන් හා ගම්මුන් අතර ඇති විමට ගිය නොසන්සුන් තාව පොලිසිය මැදිහත් වි පාලනය කැර එම සංවිධානයේ පිරිස් ආරක්ෂිතව හරවා යැවීමට සමත් විය .

එහි දී සිහළ රාවය සංවිධානයේ පිරිසක් ගම්මුන්ට පහරදී ඇත. එම අවස්ථාවේ පොලිසිය පැමිණ සියළ රාවය සංවිධානයට මෙවන් සිදුවිමි වලින් සිදුවිය හැකි අනිටු විපාක පැහැදිලි කර දී බලංගොඩ අධිකරණය මඟින් ලබාගත් උසාවි නියෝගය කියවා ඇත. උසාවි නියෝගය සිහළ රාවය පිළි නොගැනිම නිසා නැවතත් නොසන්සුන් තා ඇති විය. ප්‍රදේශවාසින් ට සියළ රාවය සංවිධානයේ පිරිස් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කැර ඇත. ඉන් අනතුරුව ඇති වු තත්ත්වය පාලනය කිරිමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කැර ඇත.තත්ත්වය පාලනය වීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ ඇතුළු සියළ රාවය සංවිධානයට අයත් පිරිස ආරක්ෂා කාරිව පිටත් කැර හැරිමට පොලිසියසමත් විය.

කෙසේ නමුත්, ජාති ආගමික බේදයකින් තොරව එම ප්‍රදේශවාසීන් විසින් විරුද්ධ වීම යහපත් ලක්ෂණයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙම භුමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරන කැණීම් නිවැරදි ක්‍රමවේදයට සිදුවන බවය. 1971 වසරේ මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත් එම අවස්ථාවේදීත් මෙම පල්ලිය මේ ස්ථානයේ තිබූ බවත් පෙන්වා දෙන ලදී. පුරාවිද්‍යා රක්ෂිතයේ ඉස්ලාමීය පල්ලියට සම්බන්ධ සංවර්ධන කටයුතු සිදු වූ බවත් ඉතිරි ගොඩනැගිලි ඉවත් කිරීමේ ප්‍රතිපත්තියක දෙපාර්තමේන්තුව කටයතු කළ බවත් කීය . දෙපාර්තමේන්තුව පල්ලිය ඇති ස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ යුතුයැයි තීරණය කළහොත් ඒ සම්බන්ධව පසුබට නොවන බවත් ඒ සඳහා පල්ලිය විකල්ප ස්ථානයකට ගෙන යාමට අදාළ පාර්ශව කැමැත්ත පළකර ඇතිබවද පැවසීය.

නමුත් සමහර පාර්ශව ගන්නාවූ තීන්දු තීරණ පිළිබඳ සියයට සීයක්ම තෘප්තිමත් විය නොහැකි බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Last modified on Monday, 06 April 2015 08:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us