subash

subash

පරාජය කර ගෙදර යැවූ මිත්‍යාදෘෂ්ටික පාලකයෙකුට මේ තරම් ජනමාධ්‍ය ප‍්‍රචාරණයක ලබා දුන් රටක් හෝ කාලයක් ඉතිහාසය තුළ හමුනොවන බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ පුරවැසි බලය සංවිධානය මගින් ඊයේ (08) පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේවන විට ඉදිරිපත් කර තිබෙන 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම සඳහා ගෙන තිබෙන පියවර කඩාකපල් කිරීම සඳහා රාජපක්ෂවාදී මළප්‍රේතයන් පිරිසක් හා ඒකාධිපති තනතුරට පත්වීම සඳහා සිහින දකින්නන් විසින් දැඩි උත්සහයක් ගනිමින් තිබෙන බව පෙනෙන්ට තිබේ.

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ ගත සේවාවන් වලට යැවීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා(08) අමරිකානු වානිජ මණ්ඩලය සංවිධානය කළ උත්සව අවස්ථාවකදී ඔහු මේ බව පැවැසීය.

කෞෂල්‍ය කුමාරසිංහගේ ප්‍රථම නවකතාව වන ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් 2015-04-8 වන දින කොළ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී: යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරය සාමිනාදන් විමල්, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල යන මහත්වරු දේශන පැවැත්වූ හ. එහි දී දැනගන්නට ලැබුණු විශේෂිත කරුණ නම් මෙම කෘතිය ස්වාමිනාදන් විමල් මහතා විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව යි.

ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන "සත්‍යාගාරය" වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි.

තෙවරක් කල්දැමීමට සිදුවු මතභේදාත්මක බැඩ්මින්ටන් නිලවරණය මැයි මස 13වැනිදා පැවැත්වෙයි. වසර 4ක් නිලතල දැරූ හා ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස එම නිලවරණයට අදාලව නාමයෝජනා භාරදෙන අය පිළිබඳ අවසන් තීරණය ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවැරීමට බැඩ්මින්ටන් සංගමය තීරණය කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවිය හැක්කේ, අනාගතයේ දිනක විධායක ජනාධිපති තනතුරට පත්ව රාජ්‍යයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන්ද එම බලතල භුක්ති විදීමට සිහින දකින මනෝරාජික පුද්ගලයෙකුට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.

ශ්‍රී ලංකාවේ පැවත්වෙන ජාතික මට්ටමේ ප්‍රබල ම වොලිබෝල් තරගාවලියක් වන තරුණ සේවා සහ රූපවාහිනි වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් කාන්තා අංශයේ සූරතාව මෙවර නිතරගයෙන් ම ගුවන් හමුදා කණ්ඩායමට හිමි වන තත්ත්වයක් තිබෙන බව වොලිබෝල් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදුලි බල සහ බල ශක්ති අමාත්‍යංශයේ මෑතක දි ස්ථිර පත්විමි ලද සේවක සේවිතාවන් හාරදහසකට ආසන්න පිරිසක් මහරගම රැස්වීමකට යාම පිණිස අද ( 8දා) නිවාඩු ලබා ගොස් සිටි නිසා සිය අවශ්‍යතා ඉටු කර ගැනිම පිණිස විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඇතුළු උප කාර්යාලවල මහජන සේවා කටයුතු සැලසීම බිඳ වැටි තිබු බව විදුලි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

Connet With Us