subash
මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා - අධිකරණ ඇමැති(audio)
ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේ අද(10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
උතුරු නැගෙනහිර දෙපළාතට සීමා වී සිටින දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහ මැතිවරණයේදී දිවයිනේ සියළූම දිස්ත්‍රික්ක සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම්කරමින් සිටී.
බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තමාට පහර දුන් බවට පුද්ගලයකු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන ලෙස මුම්බායි පොලිසියට අධිකරණය නියෝග කර තිබේ.
ඌව හිටපු මහ ඇමැති හා කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය දැන් ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යයි.
දෙවසරකට පෙර බොස්‌ටන් මැරතන් තරගයේදී බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඝෝකාර් තස්‌රනේව් වරදකවරුවී ඇත.
අසාධනීය දේශපාලඥයන්: අපට කළ හැක්කේ කුමක්ද? - දොස්තර යු. පෙතියාගොඩ
දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප්‍රසාද තමන් විසින්ම සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එහිදී, මූල්‍යමය ශික්ෂණය සහ සමානුපාතිකතාව ගැන ඔවුහූ නොතකති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ අද පවතින වඩාත් අර්ථලාභී රැකියාවක් බවට දේශපාලනය පත්ව තිබේ. හෙවත්, සොච්චම් නිෂ්පාදනයක් වෙනුවෙන් ලබා ගන්නා ගෙවීමක් වශයෙන්, අත දිග හැර තමන්ටම ප්‍රතිලාභ ලබාගත හැකි රැකියාවක් බවට එය පත්ව ඇති අතර, බොරුව සහ මිථ්‍යාව ඉහවහා ගිය, කමකට නැති නිකමුන් රොත්තක් එම ක්‍රමය තුළ නඩත්තු කෙරෙමින් තිබේ. මේ තත්වය සදහටම එසේ වනු ඇත.
ටිරාන් විතරක් නෙවෙයි මේ වංචාවට මහින්දයි ලලිතුයි දෙන්නත් හවුල් - ජාතික හෙළ උරුමය
පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස අමාත්‍ය චම්පික රණවක මහතා සිටින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සත්‍ය නොවන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
බොර දිය පොකුණ සිනමා ශාලාව තුළ නිවීයන්නේ සහනුකම්පනීය තිගැස්මකින් මගේ නෙත් තෙත් කරමිනි. එය මා වාර කිහිපයකදීම ලද අත්දැකීමකි. අතීත කතාව හා වර්තමාන කතාව ලෙස බෙදා ඒ අතර පූර්වාපර සන්ධි ගැලපීමක් යෝජනා කරන සිනමා ආඛ්‍යානය එහි සැබෑ ගැලපීම ඇතිකරන්නේ ගෝතමී, මංගලා හා සුවිනීතා නාදුනන තවත් ස්ත්‍රී රූප තුනක් තුළ රූපමාන කොට තිරය මත තබා නිවීයාමෙනි.
නාමල් බේබිට ෆන් ගන්න ශ්‍රී ලංකන් එයාර් මිලියන 86ක් වැය කරලා
හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්න් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැනකෙළිය හා රාත්‍රී මෝටර් රඨ ධාවන තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බව වාර්තාවේ.
ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි
අන්තර්ජාතික පොලිස් අපරාධ ඒකකයේ නිළධාරීන්ට(interpol) ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. මෙතුවක් කල් 'ඉන්ටර්පොල්' නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවසරය ලැබී නොතිබුණු අතර පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරි පත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් මෙම නිළධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වී විමර්ශන කටයුතු කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන ලදී.
