subash

subash

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ (9) සවස මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලය වන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප යේ මැයි දිනයට සහභාගී වන ලෙසට ආරාධනා කළේය.

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප් දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ඇතුළු සියලු දීමනා ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි පන්දහසක (බිලියන 50කට අධික) මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරය විසින් ඊයේම (09) අදාළ අමාත්‍යාංශ හා ආයතනවලට ලබාදුන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වාසස්ථානය ලෙස තොරාගෙන තිබෙන 'මොනර භවන' නම් නිවහනේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකය වැලි පුරවා වසා දමන ලද්දේ ඉන්දියානු වාස්තුවේදීන්ගේ නියමය පරිදි බව වාර්තාවේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (09)සවස බත්තරමුල්ලේ අපේගම ආසන්නයේ අක්මීමන දයාරත්න නම් කහකඩයා විසින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු යැයි කියමින් සිංහම බෞද්ධ මහ ජාතියේ මහා උද්ඝෝෂණයක් වැනි යමක් කරන්නට උත්සකර තිබිණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දන්වා ඇත.

පිළිකා අවදානම සහිත කෘමිනාශක වර්ග 5 ක් පිළිබඳ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

සිරියාව තුළ ක්‍රියාත්මක අයි.එස්. කැරළිකරුවන්ට එරෙහිව ප්‍රථම වරට කැනඩාව ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින්ට උපරිම දඬුවම් දීමට පියවර ගන්නා ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යාන්තරය ඉල්ලා සිටී.

Connet With Us