රාජ්‍ය සේවක වැ‍ටුප් හා දීමනා සියල්ල අද ලබාදෙයි. මහින්දගේ කුමන්ත්‍රණය පරාජයවේ

Published in පුවත්
Friday, 10 April 2015 07:54

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප් දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ඇතුළු සියලු දීමනා ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි පන්දහසක (බිලියන 50කට අධික) මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරය විසින් ඊයේම (09) අදාළ අමාත්‍යාංශ හා ආයතනවලට ලබාදුන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ මේ මස වැටුප් හා දීමනා ගෙවීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය ලබා දී ඇති දැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ලේකම්වරයා එසේ කීය.

රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් හා දීමනා සඳහා වාර්ෂිකව රජය රුපියල් බිලියන 600කට අධික මුදලක් වැය කරන බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

අප්‍රේල් මාසයේ වැටුප් බිල ගෙවීමට අවශ්‍ය තරම් මුදල් කිසිදු අවහිරයකින් තොරව සැපැයීමට හැකි බව ද ලේකම්වරයා අවධාරණය කෙළේය.

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ගෙවීමට මුදල් ලබාදුන් නිසා අද (10) දින සේවකයින්ට එය ලබාගත හැකිවන බව ද සමරතුංග මහතා පැහැදිලි කළේය.

පසුගියදා රජයේ සේවකයන්ට වැ‍ටුප් ගෙවීමට මුදල් නැති බවට විපක්ෂය අවලාද නැගූ අතර රජය භාණ්ඩාගාර බැඳුම් කර මිළදී ගැනීමේ ප්‍රමාණය බිලියන 400ක් දක්වා වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවක ඒ පරාජය කර රාජය සේවක වැ‍ටුප් ගෙවීමේ කටයුත්ත අඩාල කිරීමේ කුමන්ත්‍රණ කාරී වැඩ පිලිවෙලක්ද දියත් කරනු ලැබීය. කෙසේ නමුත් එමඟින් විපක්ෂය අපකීර්තියට පත් වීම වලක්වා ගැනීමට ඔවුන් අසමත් විය.

Last modified on Friday, 10 April 2015 07:58

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us