මහින්ද සුමනදාසට පයින් ගසා ඉන්දියානු සාත්තරකාරයන්ගේ පිහිට පතයි

Published in පුවත්
Friday, 10 April 2015 07:44

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වාසස්ථානය ලෙස තොරාගෙන තිබෙන 'මොනර භවන' නම් නිවහනේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකය වැලි පුරවා වසා දමන ලද්දේ ඉන්දියානු වාස්තුවේදීන්ගේ නියමය පරිදි බව වාර්තාවේ.

එමෙන්ම මේ වාස්තුවේදීන්ගේ නියමය පරිදි ප්‍රධාන ද්වාරයේ පිහිටීමද වෙනස් කර ඇත.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරනය දක්වාම මහින්ද රාජපක්ෂගේ නිල ජෝතිෂය වේදියා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රකට ජෝතිර්වේදී සුමනදාස අබයගුණවර්ධනය. මැතිවරණ දින නියම කරනු ලැබුවේද ඔහුගේ නියමය පරිදි බව හෙළිවිය. එහෙත් මැතිවරණය පරාජය වීමෙන් පසුව ඔහු කීවේ පරදින බව කළින් දැන සිටි නමුත් ඒ බව කීවේ නැති බවය.

මේ නිසා මේ බොරුකාරයා වෙනුවට ඉදිරියේදී ඉන්දියානු ජෝතිෂවේදීන්ගේ සහය ලබා ගෙන දේශපාලන කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ තිරණය කර තිබේ.

ඒ කෙසේ නමුත් මෙම මොනර භවන රුපියල් කෝටි 45 ක මුදලකට රාජපක්ෂ විසින් මිළදී ගෙන ඇති බවටද රාවයක් පැතිර යයි. ව්‍යාපාරික ඒ එස් පී ලියන ගේ ට අයත් මෙම සුවිසල් නිවස විකුණා දැමීම සඳහා දේපල වෙලදාම් ආයතනයකට පසුගියදා බාර දී තිබිණි. එහි වටිනකම ලෙස එම ආයතනය සඳහන් කර තිබුණේ රුපියල් කෝටි 45ක් යනුවෙනි.

Last modified on Friday, 10 April 2015 08:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us