මහින්දගේ රූකඩ කහකඩ මදාවියන් අදත් පිස්සුවක් කෙළියි (photos)

Published in පුවත්
Thursday, 09 April 2015 16:53

අද (09)සවස බත්තරමුල්ලේ අපේගම ආසන්නයේ අක්මීමන දයාරත්න නම් කහකඩයා විසින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු යැයි කියමින් සිංහම බෞද්ධ මහ ජාතියේ මහා උද්ඝෝෂණයක් වැනි යමක් කරන්නට උත්සකර තිබිණි.

ජාතික ගීය සිංහලෙන් පමණක ගායනා කළ යුතුය කිය මේ තකතීරු පිස්සු කතාව ගැන වැඩි යමක් කියන්න දෙයක් නැත. ඒ එක හෙළාම ප්‍රතික්ෂේප කළ යුතු කතාවකි.

මේ කහකඩයන් යනු මහින්දගේ කිරිපල්ල යට රිංගාගෙන මේ රටේ ආගම් වාදය, ජාතිවාදය ප්‍රචලිත කිරීමට උත්සහ ගත් අසමජ්ජාතීන් පිරිසකි. කිසිසේත්ම බෞද්ධ භික්ෂූන් නොවේ. පසුගිය කාලයේ ජාතික හෙළ උරුමය මේ පිරිස පෝෂණය කළ බවද රහසක් නොවේ. අදත් ජාතිවාද පිපාසාවෙන් පෙලෙන රාජපක්ෂවාදීන්ටත්, ජාතික හෙළ උරුමයටත් මේ අසමජ්ජාතී කහකඩයන්ට නොමද අනුග්‍රහය ලබා දෙන බව ද රහසක් නොවේ.

අද පැවැති උද්ඝෝෂණයේදී අප දු‍ටු දේ, ඇසූ දේ, කතා බහ කළදේ මෙහි සඳහන් කළ යුතුය.

පෙළපාලියකින් පාර්ලිමේන්තුවට යන්නේමැයි කියමින් මෙම කටයුත්ත සූදානම් කළද පොලිසිය විසින් ගෙන ආ අධිකරණ නියෝගය නිසා ඒ වැලැක් විණි.

පසුව සෙත්සිරිපායට යන්නේ යැයි කියමින් පාර බැස්සද සෙත්සිරිපායට කිලෝමීටර් දෙකක පමන යාමට සිදුවෙතැයි මාධ්‍යවේදියකු විසින් පැවැසීම නිසා එච්චර දුර අපිට යන්න බැරි යැයි කියමින් පැලවත්ත පාලම් තුන හන්දියේ කරක් ගැසී යළි අපේ ගම පරිශ්‍රය අසලට ගියේය. අනතුරුව පොලීසියට කතා කොට නියෝජිතයන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තුවට ගොස් කතානායක වරයා හමුවීම අවස්ථාව උදාකර ගන්නා ලදී. ඒ අතර ජාතික ගීය දැන් දෙමළෙන් නොකියවෙනු ඇතැයි සිතමින් පැමිණි ගෝලබාල කහකඩයන් හීන දකිමින් පාරේ තැනින් තැන ලැග සිටියහ.

මෙම උද්ඝෝෂණය සඳහා අක්මීමන දයාරත්න සමඟ සුපුරුදු සුප්‍රකට මදාවි කහකඩයන් කිහිප දෙනෙකුද පැමිණ සිටි අතර කොහෙන්දෝ පිරිවෙනක වැඩ සිටි මෙලෝ හසරක් නොදත් සාමණේර හිමිවරුන් ‍රැසක්ද බලහත්කාරයෙන් ‍රැගෙන පැමින තිබිණි. අප මේ පිරිසෙන් ආවේ කුමකටද කින්ද මන්ද යැයි විමසූ විට ඔවුන් කීවේ "අනේ අපි දන් නෑ අයියේ, අපිට ලොකු හාමුදුරුවෝ යන් කිව්ව අපි නැඟලා ආව. දවල් දානෙත් අපිට නැතිවයි මේ ඉන්නේ..' ඒ කතාව ඇත්ත බව තේරුනේ සුළු මොහොතකින් ඔවුන්ගේ කුස පුරවන්නට බෝතල් කරන ලද සිසිල් පැන් දානයක් ලැබුණු දැකීමෙනි.

කෙසේ නමුත් කරන්නට ආ උද්ඝෝෂණයෙන් වැඩක් නැතිවිය. මේ නිසා දයාරත්න විටින් විට කාටදෝ කතා කරමින් ඊළඟ කළ යුත්තේ කුමක්දැයි විමසමින් සිටින අයුරුද පෙනින.

මේ අතර දයාරත්නගේ මදාවි කහකඩ සෙට් එක ගල් කැට ගෙන අපේ ගම පරිශ්‍රය නැරඹීමට ආ මුස්ලිම් ජාතික පාසල් දැරිවියන් පිරිසකට ප්‍රහාරක් එල්ල කිරීම සඳහා කුරුමානම් අල්ලමින් සිටිනු දකින්නට ලැබීමෙන් අප එම ස්ථානයට කඩා වැදීම නිසා ඒ වලක්වා ගැනීමටද හැකි විය.

එදා දර්ගා ටවුමේදී ගල් ගසා මුස්ලිම්වරුන්ට එරෙහිව ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මුලපිරිවේද මෙම දයාරත්නගේ කහකඩ මදාවියන් විසින් බව ඔවුන් සමඟ සිටින් බොදු බල ත්‍රස්තයන් විසින්ම හෙළි කර තිබුණා මතකය. ඊයේ පෙරේදා කූරගල ගොස් චණ්ඩිකම් පෙන්වා ගම්වැසියන්ගෙන් ලැබෙන්න ගිය ගුටි පූජාවන් යන්තම් බේරී පොලීසියේ ජල පූජාවක් බඩ කට පුරා වැලඳුවේද මෙම පිරිසමය.

හතර වටේ කළු කරන ලද ජනේල් සහිත සුපිරි ජීප් රථ කිහිපයක සුඛ විහරයන් විඳින මේ කහකඩ මදාවියන් විසින් ආගමේ ජාතියේ නාමයෙන් මේ කරනු ලබන ම්ලෙච්ඡ ගෝත්‍රික අසමජ්ජාතිකම් වලට කිසිසේත්ම ඉඩ දීම කළ යුතු බවට විවාදයක් තිබිය යුතු නොවේ. මනුෂ්‍යත්වය අගයන කිසිවකු හෝ මේ කහකඩයන්ගේ කටයුතු අනුමත නොකරනුද ඇත.

 

 

DNP 1701DNP 1678DNP 1674DNP 1660DNP 1656DNP 1641DNP 1639DNP 1636DNP 1631DNP 1607DNP 1601DNP 1534DNP 1736

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us