subash

subash

මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලනීපය යනුවෙන් පක්ෂයක් තිබුණේද යන්නවත් දැන ගැනීමට නොතිබුණ නමුත් මහින්දගේ දේශපාලන අභාවයෙන් පසුව ශ්‍රී ලනීපය අවශේෂ පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, මේ ශ්‍රීලනීපය යනු මහින්දට යටවී ඒ ශරීර කූඩුවේ හැඩයට සකස් වූ තැලී පොඩිපට්ටම් මූ පක්ෂයක් ලෙස හඳුනා ගත හැකිව තිබේ.

අට වැනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය අද (08දා) කොල්කටාහිදී ඇරඹුණා. 2014 වසරේ ජයග්‍රාහකයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා 2013 වසරේ ශූරතාව හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද පළමු තරඟය පැවැත්වීමට නියමිතයි.

යේමනයේ ගැටුම්වලට මැදිවී සිටියදී බේරා ගත් පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම අද (07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සාත්තු සේවයේ නිර්මාතෘවරිය ලෙස සැළකෙන ප්ලෝරන්ස්‌ නයිටිංගේල් චරිතය වගේම ඇය බාවිතා කළ බව සැළකෙන පහනත් ඉතා ප්‍රසිද්ධයි. ඇය සතුව තිබූ පිත්තල පහනක්‌ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත.

ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 40,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට සම්බන්ධ යෝජනාව පරාජය වීම පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග කිහිපයක් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියක් වන ලංකාතෲත් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන්, ‘සිලෝන් ටුඬේ’ සහ ‘මව්බිම’ පුවත්පත්වලින් රු. බිලියන 20ක වන්දියක් ඉල්ලා ඇවන්ට් ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගම එන්තරවාසියක් යවයි.

ලෝකයේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයා වන 116 හැවිරිදි ඇමරිකානු ජාතික ගර්ට්රූඩ් වීවර් නැමති කාන්තාව මිය ගොස් තිබේ.

කෙන්යානු හමුදාව විසින් සෝමාලියාවේ අල් ෂබාබ් කැරළිකරුවන්ගේ කඳවුරුවලට ගුවන් හමුදා ප්‍රහාරයන් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Connet With Us