IPL සමාරම්භක උළෙලේ අසිරිය(photos)

Published in අනං මනං
Wednesday, 08 April 2015 13:30

අට වැනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය අද (08දා) කොල්කටාහිදී ඇරඹුණා. 2014 වසරේ ජයග්‍රාහකයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා 2013 වසරේ ශූරතාව හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද පළමු තරඟය පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක් තරගවදින මෙහි මූලික වටයට තරග 56ක් ඇතුළත් වන අතර එම තරඟ ලබන මස 17වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ 24වැනිදායි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක් වේ. පසුගිය වසරේ මෙන්ම ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස්, තිසර පෙරේරා කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් වලට ඇතුළත් සිටින අතර අයි.පී.එල් වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවිවූ විදේශීය ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිලට ක්‍රීඩා කරයි.

ipl money

ipl money2

ipl1

ipl2

ipl3

ipl4

ipl5

ipl6

ipl7

ipl8

ipl9

ipl10

ipl11

ipl13

ipl15

ක්‍රීඩා

Connet With Us